ඕවා රජාගේ පච..බස් මිල හොඳටම වැඩි වෙලා....
රජය විසින් පසුගියදා ආනයනික බස් සඳහා තීරු බද්ද ඉවත් කළ බව පැවසුවද එමඟින් බස් වල මිල ගණන් පහත වැටී නැතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න මහතා පවසයි.ලොරි සහ ට්‍රක් සඳහා පමණක් එහි වාසිය අත්වන බවත් මීට පෙරද බස් රථ සඳහා තීරු බද්ද ඉවත් කර තිබූ බවද හෙතෙම කියයි.
කෙසේ වෙතත් මෙම මස සිට බස් මිල ගණන් රුපියල් ලක්‍ෂ 04 කින් පමණ ඉහළ ගොස් ඇති අතර ලීසින් පොලී අනුපාතයද ඉහළ ගොස් ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දේ.
මෙයට විශේෂ හේතුවක් ලෙස පෙනී යන්නේ පසුගිය අයවැයේදී රුපියලේ අගය 3 කින් බාල්දු වීම හේතුකොටගෙන ආනයනය කරන බස් රථවල මිල ඉහල ගොස් ඇති අතර ඩොලරයට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය රජය විසින් වැඩි කිරීම හේතුවෙනි.මෙසේ වැඩිවූ අගයට බදු එකතු කිරීමේදී මෙතෙක් ගෙවූ බදු ප්‍රමාණයට වැඩ වැඩි මුදල් ප්‍රමාණයක් බදු ලෙස බස් රථ මිලදී ගැනීමේදී හා ලිසින්ග් කිරීමේදී ගෙවීමට සිදුව ඇත.මෙබැවින් මාසික ලීසින්ග් වරිකයද ඉහල ගොස් ඇත.තවද රජය පම්පෝරි ගසා අඩු කරන ලද බැංකු පොලි අනුපාතයද පසුගිය දෙමසක කාලය තුලදී වැඩිව ඇත.
0 comments for "ඕවා රජාගේ පච..බස් මිල හොඳටම වැඩි වෙලා...."