ශවේන්ද්‍ර, කෙහෙළියගේ දියනියට අතවර කරලා

ඇමරිකාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්්‍යාලයේ සේවයේ නියුතු කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගේ දියනියවන චන්දුලා මෙනවියට, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු කාර්්‍යාලයේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජ්‍ය නියෝජිත මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා බලහත්කාරයෙන් අතවර කරඇතැයි එම තානාපති කාර්යාල ආරංචි මාර්ග කියා සිටී.


තමාව බලහත්කාරයෙන් ඇඳගෙන ගිය මේජර් ජෙනරාල්වරයා තමාට අතවර කිරිමට උත්සාහ කළද බලවත් සටනක් කොට තමා ගැලවී ආ බව ඇමතිවරයාගේ දියණිය තානාපති කාර්්‍යාලයේ ජ්‍යෙෂ්ඨයින්ට පැමිණිලි කර තිබේ.

මෙම සිද්ධිය වාර්තා වූ වහාම කෙහෙළිය ඇමතිවරයා බලවත් කෝපයකින් යුතුව ඒ බව ජනාධිපතිරවයාට දැනුම්දී මේ සම්බන්ධයෙන් පරික්‍ෂණක් කරන ලෙස ඉල්ලා තිබේ.

ශවේන්ද්‍ර සිල්වාට නිසි දඩුවම් දෙන බව මෙහිදී පොරොන්දු වී ඇති ජනාධිපතිවරයා, එහෙත් මේ සම්බන්ධයෙන් කිසිවෙකුට නොකියන ලෙසත් ඒ සම්බන්ධයෙන් පියවර නොගන්නා ලෙසත් ඇමතිවරයාගෙන් ඉල්ලා තිබේ.

ශවේන්ද්‍ර සිල්වාට මේ අවස්ථාවේදී මෙවැනි අපචාර චෝදනාවක් එල්ල වුවහොත් එය ඉල්.ටී.ටී.ඊ හිතවාදීන් ඔවුන්ගේ වාසිය සඳහා යොදවා ගත හැකි බව ජනාධිපතිවරයාගේ අදහස් වී තිබේ.

බොහෝ පිරිසක් එරෙහි වෙද්දී චන්දුලා දියනිය විදේශ අමාත්‍යාංශයට බඳවාගෙන ඇමරිකාව වැනි රටක තානාපති කාර්්‍යාලයක ඉහළ තනතුරක් ලබාදීමට තමා කටයුතු කළ ආකාරයද ජනාධිපතිවරයා මෙහිදී ඇමතිවරයාට සිහිපත් කර දී තිබේ.

Posted by Ravaya on 3:31 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "ශවේන්ද්‍ර, කෙහෙළියගේ දියනියට අතවර කරලා"

Leave a reply