අපේ ක‍්‍රිකට් පිලේ පසුබෑමට වගකිව යුත්තේ කවුද?
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණය අවසන් වී නව පරිපාලනයකට දැන් ක‍්‍රිකට් ක‍්‍රීඩාව නගාසිටුවීමට භාර වී ඇත. අතුරු කමිටු සංකල්පයට තිති තැබිම ඉතාම කාලීන අවශ්‍යතාවක් වූ අතර දැන් නිල බලයෙන් පත්වූ අපාලි ධර්මදාස ප‍්‍රමුඛ නිලධාරී මඩුල්ල වැඩ අරඹා ඇත.ඒ අනුව දේශීය වැදගත්ම තරගාවලිය වූ අන්තර් සමාජයීය ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය ජනවාරි 20 සිට පැවැත්වීමට එකගතාවය පළ වී ඇත. එසේ වුවත් දකුණු අප‍්‍රිකානු ටෙස්ට් තරගාවලිය 1-2 ලෙස පරාජය වීමෙන් පසුව නායක ටී.එම්. ඩිල්ෂාන් අපේ පවත්නා දේශීය ක‍්‍රිකට් තරගාවලියේ ගුණාත්මකභාවය තවත් දියුණු විය යුතු බව මතක් කර ඇත.
ඇත්ත වශයෙන්ම එංගලන්තයේ ප‍්‍රාන්ත තරගාවලියේ ඔස්ටේ‍්‍රලියාව ෂෙෆිර්ඞ් ෂීල්ඞ් තරගාවලිය මට්ටමේ දේශීය තරගාවලියක් අපට නැත. එහෙත් දකුණු අප‍්‍රිකාවට පැරදුණා. පසුව එකවර නැවතත් නායක ඩිල්ෂාන් අපේ දේශීය තරග රටාවට දොස් පැවරීම විටෙක විහිලූවක් වනුයේ පරාජයේ අඩුව මකාගැනීමට හේතු ලෙස මෙය ඉදිරිපත් කරන හෙයිනි. අප කළ යුතුව ඇත්තේ අපේ දේශීය ක‍්‍රිකට් තරගාවලියේ නියම දක්ෂතා අගයා ඒ අනුව හොදම ක‍්‍රිකට් පිලක් අනර්තර්ජාතික තරගවලට ඉදිරිපත් කොට ප‍්‍රතිඵල ලබාගැනීමේ වගකීම තේරීම් කමිටුව පැත්තෙන් ගැනීමනොවන්නේද.
තේරීම් කමිටුව පැවසූවේ අපි සිටින හොදම කණ්ඩායම ඉදිරිපත් කර ඇති බවත් ඔවුන් හරිහැටි ක‍්‍රීඩා නොකිරීම තුළ කණ්ඩායම අමිහිරි ප‍්‍රතිඵල ලබන බවය. එක්තරා අතකට අපට ප‍්‍රවීණ ක‍්‍රීඩකයන් ගණනාවක් එනම් නායක ඩිල්ෂාන්, මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර සිටිති. එහෙත් මෙම ක‍්‍රීඩකයන් අඛණ්ඩ දක්ෂතා අතර නොසිටීම දැන් ඇති ප‍්‍රබලම ගැටලූව වේ.
අප ඩිල්ෂාන්ගේ නායකත්වය යටතේ දිනා ගත්තේ ඩර්බන් හි පැවැති දකුණු අප‍්‍රිකානු දෙවැනි ටෙස්ට් තරගය පමණි. එහිදී අප ලැබූ ප‍්‍රධානම වාසිය වනුයේ ප‍්‍රතිවාදීන් දෙවරක්ම එනම් කඩුලූ 20ක් දවා ගැනීමට සමත් පන්දු යන්නන් අප සතුව සිටි බැවිනි. මෙහිදී චානක වෙලගෙදර හා පාදග පන්දුවෙන් රංගන හේරත් කරනු ලැබූ සේවය අති විශාලය. හේරත් තරගයේ වීරයා වෙමින් මේ ලැබූ ඓතිහාසික ජයග‍්‍රහණයේ කැපී පෙනෙන්නේ එය ඉඩෝරයට පොද වැස්සලක් වූ හෙයිනි.
තේරීම් කමිටුවේ අමනෝඥ ක‍්‍රියා තුල හොදම කණ්ඩායම තේරීම සිදුනොවූ බවට කිසිදු විවාදයක් නැත. මන්ද මෑතකාලීනව සිදුවූයේ බොහෝ විට නවක ක‍්‍රීඩකයන් දාම් ඉත්තන් සේ එහාට මෙහාට තල්ලූ කිරීමකි. කිසිදු ක‍්‍රීඩකයකුට කණ්ඩායම තුළ ස්ථාවර වීමට අවස්ථාවක් නොදී විටින් විට මාරු කිරීම තුළ ලහිරු, දිමුත්, දිනේෂ්ට අදටත් එතරම් විශ්වාසනීයත්වයක් නැත.
තේරීම් කමිටුවට, ක‍්‍රීඩකයන් මෙන්ම තරග කළමනාකාරිත්වය වඩාත් හොදින් සම්බන්ධතාව ගොඩනගා ගෙන තරගාවලියට වහ වහා අවතීර්ණ විය යුතුව ඇත්තේ ජයග‍්‍රාහී මානසිකත්වය ලබා එය අඛණ්ඩව පවත්වා ගැනීමටයි.
0 comments for "අපේ ක‍්‍රිකට් පිලේ පසුබෑමට වගකිව යුත්තේ කවුද?"