ඔස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලිය 16 දා ඇරඹේ

මෙම වස 16වන දින මෙල්බොන් නුවරදී ආරම්භ වීමට නියමිතව ඇති 2012 ඔස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියේ ප‍්‍රථම දින ඇන්ඩි‍්‍ර මරේ හා රයන් හැරිසන් යන ක‍්‍රීඩකයන් තරගවැදීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඇන්ඩි‍්‍ර මරේ මේ වනවිට බි‍්‍රතාන්‍ය ශ්‍රේණිගත කිරීම්හි 84 වන ස්ථානයේ රැදී සිටින අතර 2011 වසරේ විම්බල්ඩන් තරගාවලියේ දෙවන වටයට ලගාවීමට රයන්ට හැකියාව ලැබිණි.

එම වසරේම ඔහුට හෝතෝලූ දැලෙන්ජර් කුසලානය ජයග‍්‍රහණය කිරීමට හැකියාව ලැබී ඇත. මෙහිදී බී.බී.සී. පුවත් සේවය වාර්තා කරන අන්දමට මෙම තරගාවලියේදී මෙම ක‍්‍රීඩකයන් දෙදෙනා තරගයකදී පළමුවරට හමුවීම ද විශේෂත්වයකි.

Posted by Ravaya on 2:20 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "ඔස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලිය 16 දා ඇරඹේ"

Leave a reply