විපක්ෂය නිදිද ??????
පසුගිය වසරක මහින්ද පාලනයේ කල කිරියාව ගැන මුළුමහත් ලාංකීය ජනතාව පසුවන්නේ දැඩි කණගාටුවකින් සහ කියාගන්න බැරි වේදනාවකනි, නමුත් විපක්ෂයේ ප්‍රමුක සාදක වන එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ යන පක්ෂ වල තිබෙන අභ්‍යන්තර ගැටළු නිසා ජනතා මතය එතනම ලොප් වී ඇත. මෙය ඉතාමත්ම කණගාටුදායක තත්වයකි. විපක්ෂය තමන්ගේ අභ්‍යන්තර ගැටළු අභ්‍යන්තරයේ ම විසදාගත යුතුය.මන්ද යත් ගෙදර කචල් තියාගෙන සමාජය ගොඩනැගිය නොහැකි නිසාය, තවද ගෙදර දේවල් පිට කතා කරන පුද්ගලයන් ට නිසි ලෙස දඩුවම් දිය යුතුය. එය ඕනෑම ආයතනයක්, නැතිනම් පවුලක් අනුගමනය කරන ක්‍රියාවලියකි. දේශපාලන පක්ෂයක ද හොද විනයක් තිබිය යුතුය. නැතිනම් කණ්ඩායමකට ජයග්‍රහණය කල නොහැක, මෙය අප ක්‍රීඩාවේදී අපමණ දැක ඇත. ජයග්‍රහණයේ බලය සමගිය බව සැවොම වටහාගාත යුතුය. තවද සියලුම විපක්ෂ දේශපාලකයින් ඉවසීමෙන් කටයුතු කලයුතුය. මන්ද යත් පසුගිය කාලයේ බස් වරදා ගත් දේශපාලකයින් කොපමණවත් අප සමාජයේ ඇති බැවිනි.
පසුගිය කාලයේදී ආණ්ඩුව කටුනායක නිදහස් වෙළද කලාපයේ වෙඩි තැබීමන් ගැලවුනාය අද ඒ තරුණය ගැන කිසිම කතාවක් නැත. එක්නැලිගොඩ /ලසන්ත, ඝාතන වලින් ඇග බේරාගෙන, එයට ගොළුවා කසාය බිපු නියාය දමා ඇත.ෙහජින් ගනුදනුව පිලිබදව දැන් විපක්ෂයට අමතකවෙලාය. මද්‍යය මර්දනය, සියතට ගිනිතැබීම, සිරසට පහරදීම/ගිනිතැබීම, Lanka E News ආයතනයට පහර දීම, එක්සත් ජාතික පක්ෂය යේ විරෝධතා රැලිවලට පහරදීම අද අමතකය. බාල තෙල් ගෙන්වීමන් ජනතාව ගේ වාහන වලට සිදු උණු අලාබහනිය අමතකය, තෙල් ගෙන්වපු අය අද නිදල්ලේය. නමුත් කීදාහක් ජනතාව තවමත තමන්ගේ වාහන ය හදාගන්නට බැරිව සිටිනවද?, කොලඹ පැල්පත් බලෙන් රජයට අත්පත් කරගැනීම තවමත් සිදුවන අතර, දැන් විපක්ෂයට එය අමතක වෙලාය. භාණ්ඩාගාරයේ තිබු රත්තරං කිලෝ ගන්නන් විකුනුබව අද විපක්ෂයට අමතකය. කොටස් වෙලදපොළ බොරුඅගයන් පෙන්වන බව මතක් වෙන්නේ ඉදලහිටලය. රජයේ ඇමතීන් ගේ නොහොබිනා ක්‍රියා දැන් අමතකය, කොමන්වෙලත් (පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා ) උළෙල ෙවනුවන් රටේ මුදල් ඩොලර් බිලියන ගන්නන් වතුරේ ගිය බව අද විපක්ෂයට අමතකය. භාරත ඝාතනය පවා අමතකය. කොටින්ම බඩුමිල /උද්ධමනය ගැන කිසිම කතාවක් නැත. ලගදී තංගල්ලදී ඝාතනය කරපු විදේශිකයාගේ ඝාතනය ගැන කිසිම විපක්ෂ මන්ත්‍රීවරයෙක් කතා කලේ නැත. ආණ්ඩුවට එළවළු කූඩයක හිස ඔබාගෙන ඉන් ගැලවී ගැනීමට නොහැකිව සිට වැඩි දවසක් ගත වී නැත. උසස් පෙළ ළමුන්ගේ ප්‍රතිඵල අසාමාන්‍ය ලෙස ප්‍රමාද කර අවසානයේ ඔවුන්ට දවල් තරු පෙන්වන ප්‍රතිඵලයක් ලබාදුන්නේ ඊයේ පෙරේදාය. එය වැරදි බවට දසතින් චෝදනා නැගෙද්දී ආණ්ඩුව අපූරු විසඳුමක් දක්ෂ ලෙස ඉදිරිපත් කළේය. ඒ, සිසුන්ට අවශ්‍ය නම් ප්‍රතිඵල නැවත සමීකෂණය කිරීමට කාලය ලබාදෙන බවය. 70%කට වැඩි සිසුන් ප්‍රමාණයක් ඒ සඳහා ඉදිරිපත් වූ නිසා කරල පැහුණේ ආණ්ඩුවේමය. ඒ නැවත සමීක‍්ෂණය වෙනුවෙන් කෝටි 1 1/2කට වැඩි මුදලක් අයකර ගනිමිනි. එහෙත් ලක‍්ෂ සංඛ්‍යාත සිසු පිරිසකගේ පාසල් අධ්‍යාපනය පිළිබඳ බිඳ වැටුණු විශ්වාසය යළි ගොඩගත හැකිවේද යන්න පිළිබඳව ඇත්තේ බලවත් සැකයකි.
ආණ්ඩුවේ අලූත්ම පොලූ පහර උසස් අධ්‍යාපනයටය. ආණ්ඩුවේ 'හපන්කම්' හේතුවෙන් මේ වනවිට සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම පවතින්නේ අර්බුදයකය. සමස්ත සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ තමන්ගේ අධ්‍යපනය පිළිබඳවත් ඔවුන්ගේ දෙමව්පියෝ තම දරුවන්ගේ අනාගතය පිළිබඳවත් සැක සංකා ඇතිව සිටිති. මේ අර්බුද කිසිවක් ඕපපාතිකව හටගත් ඒවා නොවේ. ඇතැම් අර්බුද සරසවිවල පවතින ගැටලූකාරී තත්වයන්ට සිසුන් දක්වන ප්‍රතිචාරයන් ලෙස ප්‍රකාශයට පත්වේ. තවත් ඒවා සිසුන්ගේ ප්‍රතිචාරවලට ආණ්ඩුවේ මර්දනීය ප්‍රතික්‍රියා හේතුවෙන් පැනනැගුණ ඒවාය. ඒත් කණගාටුවට කරුණ වන්නේ, ලංකාවේ අයිතිකරුවෙකු නොමැති බොහෝ අර්බුදවලට මෙන්ම එයටද වන්දි ගෙවීමට සිදුව ඇත්තේ සිසුන්ට වීමය.
නව ලිබරල් ධනවාදයේ දෙවෙනි ඉණිමට ප්‍රවේශ වී ඇති රාජපකෂ පාලනයට හොදින් හෝ නරකින් ඊට බාධාකාරී නෛතික ව්‍යූහයන් වෙනස් කර ගැනීමට අවශ්‍යය. එහෙත් ජනතා බලවේග සමග සෘජුව ගැටෙන්නටද ආණ්ඩුව බියගනී. ආණ්ඩුවේ ඇතැම් තීරණවල දෝලනය ඒ නිසාය. විවිධ උපක්‍රම පාවිච්චි කර 2/3 ක පාර්ලිමේන්තු බලයක් හිමිකරගෙන සිටියද. තවමත් ආණ්ඩුව ජනතාවට බයය, එනිසා විපක්ෂය කන්ද තමන්වෙත එනකන් නොසිට, විපක්ෂය කන්දවෙත යා යුතුය. නැතිනම් නොබෝදිනකදීම ජනතාව පාලනය තමන් අතට ගනු ඇත. එවිට මුළුමහත් ලංකික ජනතාවගේ මළගම එදිනට සටහන් වනු ඇත.
0 comments for "විපක්ෂය නිදිද ??????"