ටිරාන්, ජෙනරාල්ට තර්ජනය කරලා

ජෙනරාල් නිදහස් කරගැනීම සඳහා තමාගන්නා උත්සාහයට ජෙනරාල්ට හිතවත් යැයි කියාගන්නා සමහරුන් බාධාකරන බවත්, ඔවුන්ගේ එවැනි කුමන්ත‍්‍රන නැවැත්වීමට කටයුතු නොකරන්නේනම් තමා සියලූ දේශපාලන කටයුතුවලින් ඉවත්වන බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් මහතා, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට අවධාරනය කර තිබේ.
ටිරාන් අලස් මන්ත‍්‍රීවරයා, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අර්ජුන රණතුංග මහතා සමග ඊයේ වැලිකඩ බන්ධනාගාරයට ගොස් ජෙනරාල්හමුවී මෙම තර්ජනය සිදුකර ඇත.

‘සරත් ෆොන්සේකා නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය’ විසින් පසුගිය 10 වනදා, සරත් ෆොන්සේකා නිදහස් කරගැනීම සඳහා වන මෙහෙයුම් කාර්යාලයක් සිය අනුමැතියකින් තොරව විවෘත කිරීම සම්බන්ධයෙන් අලස් මන්ත‍්‍රීවරයා, එම ව්‍යාපාරයේ කැඳවුම්කාර කුමාර අලගියවන්න මහතා සමග බරපතල ගැටුමක් ඇතිකරගෙන තිබේ.

ටිරාන් අලස් මන්ත‍්‍රීවරයාගේ මෙම බලපෑම්වල ප‍්‍රතිපලයක් ලෙස අනෝමා ෆොන්සේකා මහත්මියගේ සොයුරිය, අලගියවන්න මහතා හමුවී ටිරාන් අලස් මහතාගේ කටයුතුවලට බාධාවන ආකාරයෙන් කටයුතු නොකර ටිකදිනක් නිහඩව සිටින ලෙස ඉල්ලා තිබේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී, සරත් ෆොන්සේකා නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරයේ ක‍්‍රියාකාරිකයෙකු කියා සිටියේ ෆොන්සේකා මහතාගේ කීර්ති නාමය විකුණමින් අලස් මන්ත‍්‍රීවරයා රජයේ කොන්ත‍්‍රාත් කිහිපයක් ලබාගෙන ඇති බවයි.

තවද පසුගිය ජනාධිපතිවරනයේදී මැතිවරන ප‍්‍රචාරක කටයුතු සඳහා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ජෙනරාල්ට ලැබුනු ධනස්කන්දයෙන් ඉතිරි වූ කෝටි ගණනක මුදලක් ආරක්‍ෂා කරගැනීම සඳහා ටිරාන් අලස් මහතාට ලබාදී ඇති බවත්, ඔහු ඒ වෙනුවෙන් අනෝමා ෆොන්සේකා මහත්මියගේ සහ ෆොන්සේකා මහතාගේ දියණියන් වෙනුවෙන් මාසිකව සොච්චම් මුදලක් වියදම් කරන බවත්ය.

පෙර පුවත්
- ටිරාන්ගේ නියෝගකින් ජෙනරාල්ගේ කාර්යාලය වැසේ

Posted by Ravaya on 11:53 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "ටිරාන්, ජෙනරාල්ට තර්ජනය කරලා"

Leave a reply