රනිල්, කරූට ‘පාට්’ දමයි

එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සහ එම පක්‍ෂයේ හිටපු නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා ඊයේ (12) පැවති ප‍්‍රසිද්ධ රැස්වීමකදී සමීප ආසනවල අසුන්ගෙන සිටියද ඔවුන් දෙදෙනා එකදු වචනයක් හෝ කතානොකිරීමට ප‍්‍රවේශම් සහගතවිය.

මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ ඝාතනයට වසර 3ක් සැපිරීම නිමිත්තෙන් කොළඹ ජයවර්ධන කෙන්ද්‍රය තුල ‘නිදහසේ වේදිකාව’ සංවිධානය විසින් සංවිධානය කර තිබූ රැස්වීමකට සහභාගී වූ එජාප නායකයින් දෙදෙනා තම විරසකබාවය සියලූ දෙනා හමුවේ ප‍්‍රදර්ශනය කළේය.

රැස්වීම සංවිධානය කළ පිරිස් රනිල් වික‍්‍රමසිංහ මහතාට සහ කරූජයසූරිය මහතාට සමීප ආසන දෙකක් වෙන්කර තිබිණ. පළමුව රැස්වීමට සහභාගී වූ කරූ ජයසූරිය මහතා, රනිල් වික‍්‍රමසිංහ මහතා රැස්වීම් ශාලාවට පැමිණි මොහොතේ තම අසුනින් නැගිට තමනායකයාට ගෞරවය පුදකලද වික‍්‍රමසිංහ මහතා ඔහු දෙස නොබලාම තම ආසනයේ අසුන්ගත්තේය.

රනිල් වික‍්‍රමසිංහ මහතා සහ කරූ ජයසූරිය මහතා සමීප අසුන් දෙකක සිටි කතාබහ කරන ආකාරය ඡායාරූප ගතකිරීමට එම උත්සවයට පැමිණි මාධ්‍යවේදීන් බලාපොරොත්තුව සිටියද එයට කිසිදු අවස්ථාවක් හිමි නොවීය.

කරූජයසූරිය මහතා රැස්වීම අතරවාරයේ සභාවෙන් පිටව යනතෙක්ම රනිල් වික‍්‍රමසිංහ මහතා අහක බලාගෙන සිටියේය.

මෙම රැස්වීමේදී කිසියම් පිරිසක් රනිල් වික‍්‍රමසිංහ මහතාට අපහාසවන ආකාරයෙන් කටයුතු කරනු ඇතැයි ලැබී තිබූ තොරතුරු මත රනිල් වික‍්‍රමසිංහ මහතාට හිතවත් පිරිස් ඒ පිළිබද දැඩි සෝදිසියකින් සිටි අතර වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් මත කොළඹ පුරපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා සහ කොළඹ නගරසභාවේ එජාප මන්ත‍්‍රීවරුන් තම තමන්ගේ සමීපතම හිතවතුන් විශාල පිරිසක් මෙම රැස්වීමට කැඳවාගෙන විත් තිබිණ.

Posted by Ravaya on 1:03 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "රනිල්, කරූට ‘පාට්’ දමයි"

Leave a reply