වෙරළ තීරයේ සියලූ අනවසර ඉදිකිරීම් වහා ඉවතට
වෙරළ තීරයේ ඉදිකර ඇති සංචාරක හෝටල්, ලැගුම්හල් ඇතුළු සියලූම අනවසර ඉදිකිරීම් වහාම ක‍්‍රියාත්මක වන පිරිදි කඩා ඉවත් කර දමන බවට වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) ගාමිණී හේරත් මහතා පවසයි.
මෙසේ ඉවත් කර දමන්නේ 1984 දී ක‍්‍රියාත්මක කළ වෙරළ සංරක්ෂණ පනතින් පසුව ඉදි කළ අනවසර ඉදිකිරීම් බවත්, දේශීය හා විදේශීය සංචාරකයින්ට බාධාවකින් තොරව වෙරළ තීරයට පිවිසිය හැකි විය යුතු බවත් පවසන ඒ මහතා කි.මී. 1600 ක් වූ ලංකාවේ වෙරළ තීරයේ සංචාරක කලාප තුළ පිහිටි අනවසර ඉදිකිරීම් ප‍්‍රථමයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව සඳහන් කළේය.
උණවටුන සහ හික්කඩුව වෙරළ තීරයේ බොහෝමයක් ඉදිකිරීම් දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව ඉදි කළ ඒවා බව කියති. ආරුගම්බේ, මිරිස්ස, උණවටුන යන සංචාරක කලාපවල පිහිටි අනවසර ඉදිකිරීම් දැනටමත් ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි ද ඊලඟ පියවර වන්නේ හික්කඩුව සංචාරක කලාපය බව ද හේරත් මහතා පැවසීය.

0 comments for "වෙරළ තීරයේ සියලූ අනවසර ඉදිකිරීම් වහා ඉවතට"