මහමගදී වාහනයක් හරස් කර පිස්තෝලයක් පෙන්වා ඇමති පුතෙක් යකා නටලා

ප‍්‍රබල ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකුගේ පුතකුවන බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු කොළඹ කෝටිපති ව්‍යාපාරිකයෙකුට පිස්තෝලයක් පෙන්වා මරණ තර්ජන සිදු කර තිබේ.

කොළඹ ගාලූපාර ප‍්‍රදේශයේ අවන්හල් රැසක හිමිකරු වූ මුස්තාක් මොහොමඞ් නමැති මෙම ව්‍යාපාරිකයා ඊයේ (13) උදැසන ව්‍යායාම සඳහා තම යතුරුපැදියෙන් නිදහස් චතුරස‍්‍රය වෙත යමින් සිට ඇත.

ඒ අවස්ථාවේ එම මාර්ගයේ මෙම පළාත් සභා මන්ත‍්‍රීවරයා කලූ පැහැති මොන්ටෙරෝ ජීප් රථයකින් යමින් සිට ඇති අතර ව්‍යාපාරිකයා දුටු සැණින් මන්ත‍්‍රීවරයා ඔහු ගිය මාර්ගය හරස් කොට තිබේ. එම අවස්ථාවේ එම ව්‍යාරිකයා ද බිය වී තම යතුරුපැදිය නවත්වා ඇති අතර වාහනය තුල සිටි මන්ත‍්‍රීවරයා වීදුරු පාත්කොට ව්‍යාපාරිකයාට කුණුහරුපයෙන් බැණවැදී ඇති අතර ඔහු අතැති ගිනි අවියක් ගෙන තමා මරා දමන බවට එම ව්‍යාපාරිකයාට තර්ජනය කොට තිබේ.

මෙයින් මහත් බියට පත්වූ ව්‍යාපාරිකයා මහහඩින් කෑ ගසමින් ඒ මොහොතේ එම ස්ථානයේ යමින් සිටි පොලිස් සැරයන්වරයෙකුට කතා කොට තිබේ. එම සැරයන්වරයා පැමිණෙනවාත් සමග අදාල මන්ත‍්‍රීවරයා තම රථයෙන් පලාගොස් තිබේ.

පසුව ව්‍යාපාරිකයා පොලිස් සැරයන්වරයාත් රැුගෙන කුරුදුවත්ත පොලිස් ස්ථානයට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත. 310-116 නමැති පැමිනිලි අංකය යටතේ එම පැමිණිල්ල ඉදිරිපත් කොට ඇත. මේ වනවිට එම මන්ත‍්‍රීවරයාට පොලීසියට පැමිණෙන ලෙසට දන්වා සිටියත් ඔහු පොලීසිය මගහරමින් සිටින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේම මෙම ව්‍යාපාරිකයාට අවන්හල් ගණනාවකදීම මරණ තර්ජන එල්ල වී ඇති අතර ඒ පිළිබදවද පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මක වෙමින් පවතී.

Posted by Ravaya on 2:52 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "මහමගදී වාහනයක් හරස් කර පිස්තෝලයක් පෙන්වා ඇමති පුතෙක් යකා නටලා"

Leave a reply