තෙල් නිෂ්පාදනය ඉහළ දැම්මොත් වැඩ වරදීවි - ඉරානය
තෙල් නිෂ්පාදනය ඉහළ නැංවීම සම්බන්ධයෙන් ගල්ෆ් රාජ්‍යයන් හට ඉරානය අනතුරු අගවා තිබේ. තෙල් නිෂ්පාදනය ඉහළ දැමීමෙන් අනාගතයේදී සිදුවිය හැකි සියලූ ප‍්‍රතිවිපාකවල වගකීම ගල්ෆ් රාජ්‍යයන් භාරගත යුතු බව ඉරානය එම රටවලට දැනුම්දී තිබේ.ඉරානය මෙම අනතුරු ඇගවීම සිදු කර ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය ඉරාන තෙල් අපනයනය වැළැක්වීමට කටයුතු කිරීමත් සමගය. විවිධ රටවල රාජ්‍ය නායකයෝ ගල්ෆ් කලාපයේ සංචාරය කරමින් අමතර සැපයුම්කරුවන් සෙවීමට උත්සාහ දරමින් සිටිති. ඉරානය සිය අසල්වාසී රාජ්‍යයන්ට තෙල් නිස්පාදනය ඉහළ දමීම සම්බන්ධයෙන් අනතුරු අගවන්නේ මෙවැනි තත්ත්වයක් යටතේය.
අසල්වැසි අරාබි රාජ්‍යයන් ඇමෙරිකාවට හෝ යුරෝපා සංගමයට සහයෝගය නොදක්වනු ඇතැයි ඔපෙක් සංවිධානයේ ඉරාන නියෝජිත මොහොමඞ් අලි කටීබ් එරට ‘ෂාක්’ දිනපතා පුවත්පතට ප‍්‍රකාශයක් ලබා දෙමින් ප‍්‍රකාශ කර ඇත.
ආසියාවේ ප‍්‍රබල රාජ්‍යයන් වන චීනය, ඉන්දියාව ජපානය සහ දකුණු කොරියාව ද ඔවුන්ගේ තෙල් ආනයනයන්ගෙන් සියයට 50ක් ඉරානයෙන් ගෙන්වති. ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙලට විරෝධය පෑමක් ලෙස ඉරානයෙන් තෙල් ආනයනය නතර කරන මෙන් මෙම රටවලින් ඇමෙරිකාව ඉල්ලීමක් ද කර ඇත.
0 comments for "තෙල් නිෂ්පාදනය ඉහළ දැම්මොත් වැඩ වරදීවි - ඉරානය"