දේශ සීමා අර්බුදය විසදීමට චීනය හා ඉන්දියාව කතාබහ අරඹති
හිමාලයානු දේශ සීමාව අරභයා පවතින දිගුකාලීන මතභේදයට විසදුම් සෙවීම සදහා චීනය සහ ඉන්දියාව අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා ඇරඹී ඇත. මෙම දේශ සීමාව ඔස්සේ ඇති ප‍්‍රදේශ කිහිපයක් සඳහා දෙරට අතර දිගු කාලයක සිට මතභේද පවතින අතර 1962දී සිවිල් යුද්ධයක් ද ඇති විය. මීට පෙරත් මෙම දේශ සීමා අර්බුදයට විසඳුමක් සෙවීමට විවිධ සාකච්ඡා වට පැවැති නමුත් ඒවා සාර්ථක නොවීය.නව ඉන්දු-චීන සාකච්ඡා වටය සඳහා සහභාගී වන චීන දූත පිරිසේ ප‍්‍රධානී ඩායි-බින්ග්-ගුවෝ පවසා සිටියේ දෙරට අතර පවතින වාද භේද පසෙකලා ඉන්දු-චීන සබඳතා ශක්තිමත් කරවන යුගයක් කරා යා යුතු බවයි. පොදු සංවර්ධන ඉලක්ක කරා යාමට ඉන්දියාවට සහ චීනයට ඕන තරම් ඉඩ ප‍්‍රස්තා පවතින බැවින් එවැනි විශාල ක්ෂේත‍්‍ර ගණනාවක් සඳහා දෙරටේම අවධානය යොමු විය යුතුව ඇතැයි ‘ද හින්දු’ පුවත්පතට ප‍්‍රකාශයක් නිකුත් කරමින් චීන දූත පිරිසේ ප‍්‍රධානියා පවසා සිටියේය. ඉන්දියානු දූත පිරිසට නායකත්වය සපයන්නේ ඉන්දියානු රජයේ ජාතික ආරක්ෂක උපදේශකවරයා වූ ශිවෂන්කර් මෙනන් විසිනි.
මෙම දේශ සීමා ප‍්‍රශ්නයේදී චීනය තමන්ට අයත් කාශ්මීරයේ ඇතැම් ප‍්‍රදේශ අත්පත් කරගෙන සිටින බව ඉන්දියාව චෝදනා කරන අතර චීනය ඊසානදිග ඉන්දියානු ප‍්‍රාන්තයක් වූ ‘අරුනාචල් ප‍්‍රාදේශ්’ තමන්ගේ දේශ සීමාවට අයත් බව ප‍්‍රකාශ කරයි.
0 comments for "දේශ සීමා අර්බුදය විසදීමට චීනය හා ඉන්දියාව කතාබහ අරඹති"