ඩියුලක්ස් ඇම්බියෝන්ස් උත්සව සමය වර්ණවත් කරයි

ඩියුලක්ස් ඇම්බියෝන්ස් ඇක්සොනොබෙල් නිෂ්පාදකයින් විසින්, ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ සහ කෙස්ක‍්‍රැට් සුපිරි වෙළෙද සංකීර්ණය සිත් බැඳගන්නා වර්ණයෙන් වර්ණවත් කරමින් නව අවුරුදු සාප්පු සවාරියේ යෙදුනු ජනතාවට සහ ආයතනික විධායක නිලධාරීන්ට නවතම වර්ණවත් අත්දැකීමක් ලබාදීමට පසුගියදා පියවර ගත්තේය.

‘ඇම්බියොන්්ස පෝට්රේට්’ නමින් හැදින්වූ මෙම වර්ණවත් පසුතලය සහිත ක‍්‍රියාදාමය පසුගිය දෙසැම්බර් 19 සිට 24 යන දිනයන්වලදී ක්‍රෙස්කැට් ලොබියේදීත් 19-20-21 දිනවලදී ලෝක වෙළද මධ්‍යස්ථාන ලේවල් 3 ලොබියේදීත් පැවැත්වීනි.

ඉහත දිනවලදි එම ස්ථාන දෙකේ සැරිසැරූ රසකාමීන්ට සහ ඔවුන්ගේ පවුලේ අයට එම පසුතල සහිත සේයාරූවලට පෙනි සිටීමට අවස්ථාව හිමි විය. එමෙන්ම අදාල ඡුායාරූපවලට මුද්‍රිත පිටපත් නොමිලයේම ඔවුන්ට ලබාදෙන ලදි. එහිදි ‘බියුටි ඔෆ් එව්රිඬේ ලයිෆ්’ ‘ෆයින්ඩින් ද වේ’, ‘මොලෙකියුලර් මැජික්’, ‘මේඞ් විත් ලව්’ සහ ‘පොප් අප් ප්ලේෂර්’ යන වර්ණවත් තේමා පහක් යටතේ සැකසුණු පසුතල එම ඡුායාරූප වඩාත් ඔප්නංවනු ලැබීය.

මෙම ඇත්දැකීමට මුහුණ දුන් රසවතුන්ට ඩියුලක්ස් ඇම්බියොන්ස් වර්ණාවලිය පිළිබදවත්, ඉන් මතුකළ විවිධ තේමා තමන්ගේ පුද්ගලික පෞරුෂත්වයට ගැළපෙන අන්දමට තම නිවෙස්වල වර්ණ තෝරා ගැනීම පිළිබදවත් පැහැදිලි අදහසක් ලබා ගැනීමට හැකිවීම සුවිශේෂි කරුණකි.

තම තමන්ගේ සිත්හි මැවුණු විලාසිතා මුදා හැරීමට මෙම ක‍්‍රියාවලියෙන් රසවතුන්ට අවස්ථාව සලසා දී තිබීමද කැපිපෙනිණ.





















Posted by Ravaya on 4:51 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "ඩියුලක්ස් ඇම්බියෝන්ස් උත්සව සමය වර්ණවත් කරයි"

Leave a reply