දකුණු අප‍්‍රිකාව 3-0 ලෙස තරගාවලිය ජයගනී
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර බ්ලුම්ෆොන්ටේන් හිදී ඊයේ (17දා) පැවැති තෙවන එක්දින ක්‍රිකට් තරගයේදී මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 50දී කඩුලු 9ට ලකුණු 266ක් රැස් කිරීමට සමත් විය.ශ්‍රී ලංකා නායක ටී.එම්. ඩිල්ෂාන් කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළ අතර, කලකට පසු සාර්ථක ආරම්භයක් හිමි වීම කැපී පෙනුණි. උපුල් තරංග සහ ටී.එම්. ඩිල්ෂාන් ඊයේ කල්පනාකාරීව ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගනිමින් පන්දුවට පහර දෙමින් මුල් කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 18කදී ලකුණු 94ක් රැස් කිරීමට සමත් වූහ.
තෙවන එක්දින තරගයේදී අර්ධ ශතකයක් වාර්තා කළ උපුල් තරංග පන්දු 65කදී 4 පහර 5ක් සහ 6 පහර 2ක් සහිතව ලකුණු 58ක් ලබා ගැනීමට සමත් විය.
පිට පිටම තරග දෙකකදී ලකුණු නොලබා දැවී ගිය නායක ඩිල්ෂාන් ඊයේ තරංගට අනගි සහයක් ලබා දෙමින් ලකුණු 33ක් වාර්තා කිරීමට සමත් විය.
රොබින් පීටර්සන් ක්‍රියාත්මක වීමෙන් තරංග දැවී ගිය අතර, ඩිල්ෂාන්ගේ කඩුල්ල ලබා ගැනීමට ඩුමිනි සමත් විය.
ඉන්පසු පිටියේ එක්වූ සංගක්කාර සහ චන්දිමාල් ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වෙමින් ලකුණු ලබා ගැනීමේ වේගය ඉහළ නැංවූහ.
පන්දු 37කදී 4 පහර 3ක් සහ එක් 6 පහරක් සහිතව ලකුණු 38ක් ලැබූ සංගක්කාර දුවද්දී දැවී යාමකට හසු වූ අතර, ඉන් පසු පැමිණි මහේල ජයවර්ධනද ලකුණු 15ක් ලබා දුවද්දී දැවී යාම-කට ගොදුරු වීම ශ්‍රී ලංකාවට ප්‍රබල පාඩුවක් විය.
ලකුණු 36ක් ලැබූ චන්දිමාල් දවා ගැනීමට මෝකල් සමත් වීමත් සමගම ශ්‍රී ලංකාවට ලකුණු 250 සීමාව පසු කිරීම අසීරුවන ආකාරයක් දක්නට ලැබුණි.
සියලු වගකීම් කරට ගත් නුවන් කුලසේකර පන්දු 38කදී ලකුණු 40ක් වාර්තා කිරීම නිසා අවසානයේ ශ්‍රී ලංකාවට ලකුණු 266ක් ලබා ගැනීමට හැකි විය.
කුලසේකරට අනගි සහයක් දුන් මැතිව්ස් ලකුණු 15ක්ද, කෝසල කුලසේකර ලකුණු 19ක්ද ලබා ගත්තේය.
පන්දුවෙන් දස්කම් දැක්වූ මෝනි මෝකල් කඩුලු 2ක් ලබා ගත් අතර, සොට්සෝබේ, ස්ටේන්, ඩුමිනි, සහ පීටර්සන් එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ.
ලකුණු 299ක ඉලක්කය හමාගිය දකුණු අප‍්‍රිකා කණ්ඩායම පන්දුවාර 34කදී කඩුලූ 5ක් අතැතිව ලකුණු 179ක් ලබාගනිමින් තරගය ජයග‍්‍රහණය කරනු ලැබුවේ තරගය අතරමගදී ඇදහැලූනු දාරානිපාත වර්ෂාව නිසා තරගය නතර කරදැමූ පසු ‘ඩක්වොර්ත් ලූවිස් ක‍්‍රමය’ට (Duckworth-Lewis method) අනුවයි.
දකුනු අප‍්‍රිකානු පිලේ නායක ඒබී ඩිවිලියස්, ඇල්බි මෝර්කල් සමග එක්වී හයවන කඩුල්ල සඳහා ගොඩනැගූ ලකණු 32ක සම්බන්ධතාවයත් අවසන් පන්දු ඕවර 3 තුලදී ඔවුන් දෙදෙනා රැස්කළ ලකුණු 26 ත් මෙම තරගය ජයග‍්‍රහණයට දකුණු අප‍්‍රිකාවට මහත් රැකුලක් විය. මෙහිදී නායක ඩිවිලියස් නොදැවී ලකුනු 39ක් ලබාගත්තේය.
පිතිකරු අංක 6 යටතේ ක‍්‍රියාකරන ෆා ඩු ප්ලෙසිස් මෙම තරගයේදී පිතිකරු අංක 4 ට පැමිණ දියත්කළ ප‍්‍රවේගකාරි පිතිහරඹයද දකුණු අප‍්‍රිකා පිලේ ජයග‍්‍රහණයට බෙහෙවින් බලපෑවේය. එහිදී ඔහු පන්දු 74කදී ලකණු 72 ක් රැස්කිරීමට සමත්විය.
මේ අනුව තරග 5කින් සමන්විත දකුණු අප‍්‍රිකා - ශ‍්‍රී ලංකා එක්දින තරගාවලියේ තරග 3ක්ම මේ වනවිට දකුණු අප‍්‍රිකාව සතුකරගනිමින් තරගාවලියේ ඉදිරියෙන් සිටී.
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව
උපුල් තරංග ඇ. ඉන්ග්‍රාම් ප. පීටර්සන් 58(65)
ටී.එම්. ඩිල්ෂාන් ඇ. ස්ටේන් ප. ඩුමිනි 33(49)
කුමාර් සංගක්කාර දු.දැ.ගි. (ප්ලෙසිස්) 38(37)
දිනේෂ් චන්දිමාල් ඇ. ස්මිත් ප. මෝකල් 36(54)
මහේල ජයවර්ධන දු.දැ.ගි. (ඉන්ග්‍රාම්) 15(19)
නුවන් කුලසේකර ප. මෝකල් 40(38)
ඇන්ජලෝ මැතිව්ස් ඇ. පීටර්සන් ප. සොට්සෝබේ 15(14)
කෝසල කුලසේකර දු.දැ.ගි. (සොට්සේබේ/ඩිවිලියර්ස්) 19(20)
ලසිත් මාලිංග ප. ස්ටේන් 2(4)
රංගන හේරත් (නොදැවී) 1(1)
අතිරේක 9
මුළු ලකුණු (පන්දුවාර 50දී කඩුලු 9ක් දැවී) 266
කඩුලු බිඳ වැටීම :- 1-94, 2-102, 3-154, 4-183, 5-192, 6-220, 7-259 8-262, 9- 266
පන්දු යැවීම :- මෝකල් 9-0-65-2,
සොට්සෝබේ 10-0-40-1,
ස්ටේන් 10-0-55-1,
ඩුමිනි 5-0-26-1,
මෝකල් 2-0-9-0,
පීටර්සන් 10-0-45-1,
ප්ලෙසිස් 4-0-25-0
0 comments for "දකුණු අප‍්‍රිකාව 3-0 ලෙස තරගාවලිය ජයගනී"