‘යූත් 19’ පාසල් ක්‍රිකට් තරගාවලිය - හෂාන් කඩුලු 100 පසුකරයි

අවුරුදු 19න් පහළ වයස් සීමාවේ පාසල් ක‍්‍රිකට් තරගාවලියක කඩුලූ 100ක් දවාලීමට අවස්ථාවක් ලැබීම මහත් භාග්‍යයකි. දිවයිනේ ‘යූත් 19’ පාසල් ක‍්‍රිකට් තරගාවලියට සහභාගී වන පන්දු යවන්නෙකුගේ එකම බලාපොරොත්තුව එක් තරගාවලියකදී කඩුලූ 100 කඩඉම පසුකිරීමයි.

මෙවර තරගවාරයේ කඩුලූ 100 කඩඉම පසුකළ පළමු ක‍්‍රීඩකයා බවට පත්වීමේ භාග්‍යය හිමිවූයේ දෙවැනි කොටසේ තරගාවලියේ තරගවදින දෙහිවල එස්.ද.එස් ජයසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ හෂාන් හේවානායක ක‍්‍රීඩකයාටයි.

දකුණතින් පිට දගපන්දු යවන්්නෙකු ලෙස එම පිලට එක්වී සිටින හෂාන් හේවානායක මේ වනවිට තරග 11කදී කඩුලූ 110ක් දවාලීමට සමත්වී සිටිති. පසුගිය තරගවාරයේදි තෙවැනි කොටසේ තරගාවලියකට සහභාගී වී එහි සම ශූරයින් බවට පත්වෙමින් මෙවර දෙවැනි කොටස යටතේ තරගවැදීමට අවස්ථාව ලද එස්. ද එස්. ජයසිංහ මධ්‍ය මහා විද්‍යාලය මෙවර තරගවාරයේ විශේෂයෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත්විය. තම කණ්ඩායම මෙතෙක් සහභාගී වූ තරග 10 අතුරින් තරග 7ක පූර්ණ ජය හිමිකරදීමට හෂාන් පන්දුවෙන් මෙන්ම පිත්තෙන් දැක්වූ දස්කම් බෙහෙවින් ඉහවල් විය.

මෙවර තරගාවලියේදී කොටුකාරයින් ලෙස දෙවැනි කොටසේ තරග වදිමින් තම කාණ්ඩයේ තරගවලදී මෙන්ම අනෙක් තරගවලදීද ඉහළ දස්කම් දක්වමින් මෙතෙක් අපරාජිතව රැුදී සිටීමේදී හෂාන් තම මන්දුවෙන් ප‍්‍රතිවාදීන්ට ලබාදුන් තර්ජනය සුවිශේෂි විය. පසුගිය වසරේදී තෙවැනි කොටසේ සම ශූරයින් බවට පත්වීමටද හෂාන් දැක්වූ දක්ෂතාවයන් බෙහෙවින් ඉවහල් විය.

කොළඹ කේරී විද්‍යාලය, කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලය, පිලියන්දල මධ්‍ය මහා විද්‍යාලය හා වයඹ රාජකීය විද්‍යාලය සමග පැවැති තරගවලදී ඉනිම දෙකේදීම කඩුලූ 5 බැගින් දවාලමින් තරගයේදී කඩුලූ 10කට වැඩි සංඛ්‍යාවක් දවාලූ අතර, කැලණිය ශ‍්‍රී ධර්මාලෝක විද්‍යාලය, හොරණ තක්ෂිලා විද්‍යාලය හා කලූතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය සමග පැවැති තරගවලදී ඉනිමකදී කඩුලූ 5 බැගින් දවාලීමට ද හෂාන් සමත්විය.

12 වතාවක් ඉනිමකදී කඩුලූ 5ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් දවාලීම සිදු කොට ඇති අතර, අවස්ථා පහකදී තරගයක කඩුලූ 10 බැගින් බිදහෙලා ඇත.

ඉනිමකදී හොදම පන්දු යැවීම වයඹ රාජකීය විiාලයට එරෙහිව වාර්තා කොට ඇති අතර, එහිදී ලකුණු 42කට කඩුලූ 7ක් දවාලීමට හෂාන් හේවානායක සමත් විය.

කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට එරෙහිව ලකුණු 110කට කඩුලූ 13ක් දවාලමින් තරගයකදී හොදම පන්දු යැවීම වාර්තා කොට ඇත.

Posted by Ravaya on 3:08 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "‘යූත් 19’ පාසල් ක්‍රිකට් තරගාවලිය - හෂාන් කඩුලු 100 පසුකරයි"

Leave a reply