ජන. 25 වනදා සිට බස්රථ වර්ජනයක්

බස්ගාස්තු සංශෝධනයක් පිළිබද ලබන 25 වැනිදාට පෙර රජය විසදුමක් ලබා නොදුනහොත් කිසිදු දැනුම් දීමකින් හෝ සාකච්ඡාවකින් තොරව දකුණු පළාතේ සියලූම පෞද්ගලික බස් හිමියන් බස් වර්ජනයකට යොමු වන බව දකුණු පළාත් පෞද්ගලික බස් සමාගම් සම්මේලනය අවධාරනය කරයි.

ඞීසල් ලීටරයක මිල රුපියල් 8කින් ඉහළ දැමූව ද බස් ගාස්තු වැඩිකිරීම රජය ප‍්‍රතික්ෂේප කිරීම නිසාත් පසුගිය දිනවල විෂය භාර නිලධාරීන් සමග දිගින් දිගටම සාකච්ඡා පැවැත්වුවද විසදුමක් නොලැබීම හේතුවෙන් පෞද්ගලික බස්රථ හිමියන් දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

පසුගිය 11 වෙනිදා ප‍්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා සමග පැවැත්වූ සාකච්ඡාවේදී සති 2ක් තුළ මේ සඳහා ස්ථිර විසදුමක් ලබාදෙන ලෙසට ඉල්ලීමක් කළ බව එම සම්මේලනය පනේවා දෙයි.

ඉල්ලීම් ගණනාවක් හා සාකච්ඡාවට කිහිපයක් පැවැත්වුවද සහනයක් නොලද බැවින් සිදුවන පාඩුව සැලකිල්ලට ගෙන බස් වර්ජනයකට යාමට බස් හිමියන් තනි තනිව හෝ කටයුතු කරනු ඇතැයිද දකුණු පළාත් පෞද්ගලික බස් සමාගම් සම්මේලනය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර කල් ඉකුත් වූ මාර්ග බලපත්වලින් බලධාරින් වංචා කර ඇති බවටද දකුණු පළාත් බස්හිමියන් චෝදනා කරයි.

කල් ඉකතුත් වූ මාර්ග බලපත‍්‍ර ගෙන වෙනත් මාර්ගයකට අනුකුළ වන ලෙස පර්වර්තනය කොට සිය හිතවතුන්ට නිකුත් කිරීමට බලධාරීන් කටයුතු කොට ඇතැයි දකුණු පළාත් බස්හිමියෝ චෝදනා කරති.

පසුගිය මාසයේ පමණක් මාර්ග බලපත‍්‍ර 13ක් මෙසේ සංශෝධන සිදුකොට (වෙනත් මාර්ගවලට අනුයුක්ත කොට) දකුණු පළාතට නිකුත් කොට ඇතැයි ඔවුහු පෙන්වා දෙයි. බලධාරින් සිය හිතවතුන්ට මුදල් නීතිවිරෝධී ලෙස ඉපැයීමේ ක‍්‍රමවේදයක් ලෙස මෙවැනි ක‍්‍රියාකාරකම්වලට පෙළඹී ඇතැයි ඔවුහු අවධාරනය කරති.

නීතිවිරෝධී ලෙස මාර්ග බලපත‍්‍ර නිකුත් කිරිම හා නොමිලේ ලබපත‍්‍ර හිතවතුන්ට ලබාදීම පිළිබද මීට පෙර බස්නාහිර පළාත් පෞද්ගලික බස්රථ හිමියෝ දිගින් දිගටම චෝදනා එල්ලකර තිබිණ.

Posted by Ravaya on 12:23 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "ජන. 25 වනදා සිට බස්රථ වර්ජනයක්"

Leave a reply