විනිසුරු වරාවැව ගේ වාරය මහින්ද අවසන් කරයි !!!!!!!!!!
කොළඹ මාහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.ටී.එම්.පී.බී. වරාවැව මහතාගේ සේවාකාලය අවසන් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තීරණය කර තිබේ. වසර 1985 දී අධිකරණ සේවයට එක්වූ වරාවැව මහතාගේ සේවා කාලය පසුගිය වසරේදී (2011) නීතිපතිවරයාගේ ඉල්ලීම පරිදි ජනාධිපතිවරයා විසින් වසරක කාලයකට දීර්ඝ කළේය.
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව පැවැති ‘සුදු කොඩි’ නඩුවේ මහාධිකරණ ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ලේ ද හිටපු ජනාධිපතිනිය චන්‍ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට ටවුන්හෝල් හිදී එල්ලවූ බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධ සිද්ධිය සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේද විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරමින් සිටි බැවින් වරාවැව මහතාගේ සේවා කාලය දීර්ඝ කිරීම සිදු කළ බවද පැවසේ.
කෙසේවුවද ‘සුදු කොඩි’ සිද්ධියට අදාල නඩුවේ තීන්දුවට එරෙහි වූ එකම විනිසුරුවරයාද වරාවැව මහතා වේ. වසරක කාලයකට දීර්ඝ කරන ලද ඒ මහතාගේ සේවා කාලය පසුගිය ජනවාරි 31 වැනිදායින් අවසන් විය. කෙසේවුවද පසුගිය කාලයේදී ජනාධිපතිවරයා විසින් දෙවරක් සේවා කාලය දිගුකරන ලද විනිසුරුවරුන් කිහිප දෙනෙකුද සිටින බව අධිකරණ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

0 comments for "විනිසුරු වරාවැව ගේ වාරය මහින්ද අවසන් කරයි !!!!!!!!!!"