හකීම් මහින්ද මධුසමය ඉවරයි හකීම්ගේ සුරාන්තයට නව ඉල්ලීම්
ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා ඉදිරි කාලයේ පැවැත්වීමට නියමිත නැගෙනහිර පළාත්සභා මැතිවරණයේදී මහඇමති අපේක්ෂකයා ලෙස තරග කිරීමට තීරණය කර ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔහු එම තීරණය ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු හමුවේ පසුගියදා හෙලිදරව් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ සහයෝගයද ඇතිව නැගෙනහිර පළාත් සභාවට තරග කරන බව පවසා ඇති හකීම් මහතා, තමා රාජපක්ෂ ආණ්ඩුවට එක්වූයේ තම පක්ෂයේ බහුතරයක් නායකයින්ගෙන් පැනනැගුනු විරෝධයට මුහුණදීම සඳහා පමණක් බවද සඳහන් කර තිබේ.
එළබෙන පළාත් සභා මැතිවරණයෙන් මහඇමති වීම මුස්ලිම් ජනයාට ඉඩම් සහ පොලිස් බලතල ලබා ගැනීමේ මුලික අඩිතාලම ලැබෙන බැවින්ද හැකි ඉක්මනින් රජයෙන් ඉවත්වීම සිදුකරන බවත් තම මන්ත්‍රී කණ්ඩායම එකසත්ජාතික පක්ෂය ප්‍රමුක විපක්ෂය සමග එක් වීමටත් තීරණය කොට ඇති බවත් ප්‍රකාශ කොට ඇති අතර ආණ්ඩුව තුල සිටියද තමා ආණ්ඩුවේ වත්මන් ක‍්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් දැඩි ලෙස කලකිරීමට පත්ව සිටින බවද ඇමතිවරයා වැඩිදුරටත් පවසා ඇත. හකීම් මහතාගේ හැරයාමට සමාන්තරව මන්ත්‍රීන් 50 කට අධීක පිරිසක් රජය හැරයාමේ බලාපොරොත්තුවෙන් අඩිතාලමක් වටෙන තුරු බලා සිටින බවත් සැලයි.

රාවය නිව්ස් කතෘ තුමනි. හෑකිනම් කුහක කම නෑති නම්, ඉලග ජනදිපති අපෙක්ශකය තොරන තිරුවෙ සිහල කොටසෙ සජිත් ප්‍රෙමඩසගෙ නම අතුලත් කරන්න. එතකට ඔබට සිහල ජනතව මහින්ඩ රජපක්ශ මහතට පසු වෑඩිපුරම කෑමති සිහල නයකයා කවුදෑයි බලා ගත හෑක.
ඔබගෙ කුහක කමට සජිත් ප්‍රෙමදාස මහතගෙ නම ඉන්ග්‍රිසි තිරුවෙ පලකර ඈත හකිනම් මෙය නිවෑරදි කරන්න.