z අගය වැරදියි - මහාචාර්ය තටිල්

නව හා පැරණි නිර්දේශ දෙකක් යටතේ විශ්ව විද්‍යාල වලට සිසුන් ඇතුලත් කිරීම සඳහා විද්වත් මන්ඩලයක් මගින් ඉදිරිපත් කර ඇති ක‍්‍රමවේදය දෝෂ සහිත බවත්, එමගින් z ස්කෝර් ලකුණේ වැරදි සිදුවිය හැකි බවත් z ස්කෝර් ක‍්‍රමය ලංකාවට හඳුන්වා දුන් පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ජෛවමිතිය පිළිබද මහාචාර්ය රුපල් ඔ. තටිල් මහතා පවසයි.
නව හා පැරණි නිර්දේශ දෙකක් යටතේ z ස්කෝර් අගය ලබාගැනීම සඳහා එම අගයන් දෙක එකට එකතු කළ ක‍්‍රමයේ වරදක් ඇති බව මහාචාර්යවරයාගේ අදහසයි. මෙහිදී z ස්කෝර් ලකුනු ලබාගැනීම සඳහා විචල්‍යතාවය (Varience) සහ මධ්‍යන්‍ය අගය (Mean) ගණනය කර ඇති බවත්, නව නිර්දේශ හා පැරණි නිර්දේශය වෙන වෙනම ගණනය කර කිසියම් විදියකට මෙම අගයන් දෙක එකට එකතු කර එකක් සාදා එමගින් අපේක්‍ෂකයන් දෙකොට්ඨායටම එක z ස්කෝර් අගයක් සෑදීම වැරදි බව තටිල් මහතා පවසයි.

නැවත පරීක්‍ෂාවට ලක් නොකරම z ස්කෝර් අගය ගණනය කරීමෙන් ප‍්‍රතිඵල දෝෂ සහිත විය හැකි බව ඔහුගේ අදහසයි.

අන්තිම සමීකරන දෙකෙන් අලූත් මධ්‍යන්‍යක් සාදා පළමුවැනි සමීකරනය සමග එකට එකතු කර ඇති ආකාරයද වැරදි බවත්, එය සම්බන්ධ කළ පදනම මෙහිදී සඳහන් නොවන බවත්, මහාචාර්ය තටිල් පැවසීය.

එයට අමතරව සංඛ්‍යාන පදනමේ (Statistical Base) වැරදී ඇති බවත් සම්බන්ධීකරන සමීකරන දෝෂ සහිත බැවින් ලබාගෙන ඇති z ස්කෝර් අගයන් වල වැරදි සිදු විය හැකි බවත් ඔහු පවසයි.

විභාග දෙපාර්තමේන්තුව මෙම විභායගට අදාල දත්ත ලබාදෙන්නේ නම් මෙහි සිදුවී ඇති වැරුද්ද සම්පූර්ණයෙන් ප‍්‍රකාශ කළ හැකි බව මහාචාර්ය තටිල් පැවසීය.

මෙම විද්වත් කමිටුවේ සිටින සාමාජිකයන්ගෙන් දෙදෙනෙකු තමාගේ ශිෂ්‍යන් බව පවසන මහාචාර්ය තටිල් මෙවැනි වැරුද්දක් සිදුවූ විට තමා දැනුවත් නොකළේ ඇයිද යන්න තමාටද ගැටලූවක් බව පැවසීය.

මෙම විද්වත් කමිටුවට තටිල් මහතා පත්නොකිරීම පිළිබදව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලෙකම් සුනිල් ජයන්ත නවරත්න මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසූවේ විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ මහතා සමග තටිල් මහතාගේ ඇති අමනාපයක් නිසා විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම ඔහු නොකැඳවූවා විය හැකි බවය.

- රාවය

Posted by Ravaya on 6:31 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "z අගය වැරදියි - මහාචාර්ය තටිල්"

Leave a reply