චීන වරායේ IOC තෙල් පරීක්ෂාව නොකෙරේ

ඉන්දීය ඔයිල් සමාගම ත‍්‍රිකුණාමල චීන වරායෙන් ශ‍්‍රී ලංකාවට ගෙනෙන ඛණිජ තෙල්වල ප‍්‍රමිතිය පරීක්ෂා කිරීම ඛනිජ තෙල් සංස්ථාවෙන් සිදු නොකරන බව ඛනිජතෙල් සංවර්ධන අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පැවසීය. ඒ මහතා එම අදහස් පළ කළේ ඒ සම්බන්ධයෙන් කරන ලද විමසීමකදීය.

ඉන්දීය ඔයිල් සමාගම කොළොන්නාවේ ගබඩා කරන ඛනිජ තෙල්වල ප‍්‍රමිතිය පරීක්ෂා කරන බවත් චීන වරායෙන් ගබඩා කරන ඛනිජ තෙල්වල ප‍්‍රමිතිය සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියට පැමිණිලි ලැබුණහොත් පමණක් ඒවායේ ප‍්‍රමිතිය පරීක්ෂා කිරීමට හැකියාව ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගිය දිනවල වාර්තා වූ පෙට‍්‍රල්වලට භූමිතෙල් කලවම් කිරීමේ ජාවාරම සම්බන්ධයන් විමසීමේදී අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ තෙල් සංස්ථාව විසින් තෙල් ප‍්‍රවාහනයට යොදාගන්නා පෞද්ගලික හිමිකාරිත්වය ඇති බවුසර්වල රහසිගත ටැංකි සාදා ඒවාට පිරෙන පෙට‍්‍රල්වලට භූමිතෙල් මිශ‍්‍ර කර විකිණීමේ ජාවාරමක් හෙළි වී ඇති බවයි. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කර වාර්තාවක් ලබා දෙන ලෙසට මිරිහාන පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයටත් ඛනිජ තෙල් සංස්ථාවේ අලෙවි අංශයටත් උපදෙස් දී ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

- රාවය

Posted by Ravaya on 4:41 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "චීන වරායේ IOC තෙල් පරීක්ෂාව නොකෙරේ"

Leave a reply