විත්තිකරුට පීඨාධිපති තනතුරක්

කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති ධුරයට පත්ව සිටින මහචාර්ය ඞී.ඞී. කුලතුංග එම තනතුරෙන් ඉවත් කරන නියෝගයක් ඉල්ලා එම විශ්වවිද්‍යාලයේම මහාචාර්ය එම්.ඞී.අමරතුංග අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. එම පෙත්සමේ විත්තිකරුවන් ලෙස නම් කොට තිබෙන්නේ උපකුලපති මහාචාර්ය සරත් අමුණුගම හා විද්‍යා පීඨාධිපති මහාචාර්ය ඞී.ඞී. කුලතුංග යන දෙදෙනාය. මහාචාර්ය ඞී.ඞී. කුලතුංග කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් තිබෙන අපරාධ නඩුවක විත්තිකරුවකු වන නිසා එම පත්වීම ආයතන සංග‍්‍රහයට පටහැනි බව පෙත්සම්කරු කියා සිටී.

- රාවය

Posted by Ravaya on 4:34 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "විත්තිකරුට පීඨාධිපති තනතුරක්"

Leave a reply