ආපිකෝ, රක්ෂණ ව්‍යාපාරයට පිවිසෙයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානතම විවිධාංගීකරණයට ලක් සමාගමක් වන ආර්පිකෝ සමූහ ව්‍යාරයේ නව රක්‍ෂණ සමාගම පසුගියදා එළි දැක්වීය. ආපිකෝ ඉන්සූවරන්ස් නමින් නම් කොට ඇති මෙම සමාගම මුලින්ම ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රය තුළ ව්‍යාපාරය තුළ නිතර වීමට අදහස් කරන බවත් විශේෂයෙන්ම ජීව්ත් වන ජනතාවගේ ජීවිතවල ගුණාත්මක බව වැඩි කිරීම තම නව සමාගමේ අරමුණ බවත් ආපිකෝ සමූහයේ සභාපති ආචාර්ය සේන යද්දෙහිගේ මහතා පවසයි. රක්ෂණය මෙරට සෑම ජන කොටසකටම සමීප කරවීමට අවශ්‍ය විවිධ නෂ්පාදන තම රක්ෂණ සමාගම තුළ ඇතුලත් කොට ඇති බවද ඒ මහතා පවසයි.
අපිකෝ සමාගම මූලික වශයෙන් මෙම සමාගම සදහා රුපියල් මිලියන 700ක් පමණ ආයෝජනය කර ඇති බවද මෙරට රක්ෂණයට අදාල සියලූ පිරිවිතරයන් සමාගම විසින් සම්පූර්ණ කර ඇති අතර ඉතා දක්ෂ කණ්ඩායමක් මෙම සමාගම සදහා පත් කොට ඇති බවද ඔහු සඳහන් කරයි.

මෙරට නිෂ්පාදන අංශය තුල සහ කෘෂිකාර්මික අංශය තුල වසර 80ක සවිමත් පදනමක් සහිත ආපිකෝ ඉන්ෂූවරන්ස් සමාගම මෑත කාලය තුළ ආයෝජන බැංකු ෆිනෑන්ස් සමාගම සහ කොටස් තැරැුව්කාර සමාගමක් හරහා මූල්‍ය සේවා වෙලද පොලට අවතීර්න වූ බවත් මෙම රක්ෂණ සමාගම මෙම විවිධාංගීකරණයේ තවත් ව්‍යාපෘතියක් බවත් යද්දෙහිගේ මහතා කියා සිටී.

ආපිකෝ සමූහ අධ්‍යක්‍ෂ රවී ලියනගේ මහතා පවසන්නේ ආපිකෝ රක්ෂණ සමාගම මෙරට රක්ෂණ වෙළද පොළ පිලිබද ව සිදු කරන ලද පුලූල් අධ්‍යයනයකින් පසුව ආරම්භ කළ බවය. වෙළද පොළ අවශ්‍යතා සැපිරීම සහ මේ වනවිට සාර්ථක ව මෙරට රක්ෂණ සමාගම් විසින් ආවරණය කර නොමැති ජීවිත රක්ෂණය මුලින්ම ආරම්භ කිරීමට ආපිකෝ සමාගම අදහස් කරන බවයි. සමාගමේ පළමු වසර තුළ දී වෙළෙද පොළ අවශතා මත ශාඛා 10ක් ස්ථාපනය කිරීමට කටයුතු කර ඇති බවත් ඊට අමතරව ආපිකෝ සුපිරි වෙළෙද සැල් ජාලය තුළ සේවා මධ්‍යස්ථාන පිහිටුවීමටත් අපිකෝ සමාගම කටයුතු කර ඇති බවයි.

Posted by Ravaya on 4:21 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "ආපිකෝ, රක්ෂණ ව්‍යාපාරයට පිවිසෙයි"

Leave a reply