කරුගේ සහ දයාසිරිගේ දැනගැනීම පිණිසය ඇත්තම ඇත්ත සජිත්ගේ දෙබිඩි චරිතය

බුදුරජාණන් වහන්සේ අජාසත් හට ලිච්චවින්ගේ සමගිය ගැන මනා පාඩමක් කියාදුන් සේක. අදටත් සමගිව කටයුතු කිරීම පිළිබද  අවබෝද කොට ගැන්මට  බුද්ධ දර්ශනය ඉතා වැදගත්කොට ගැනීම බුධිමත් නායකයන්ගේ සිරිතයි.. අජාසත් ලිච්චවීන් අසමගී කොට  භේද  බින්න කොට ඇතුලත ප්‍රශ්න සදා සියලු ලිච්චවී නායකයන් ඝාතනය කොට යුද්ධය ජය ගත්තා සේම මහින්ද රාජපක්ෂත් එක්සත් ජාතික පක්ෂය, ජනතා වීමුක්තී පෙරමුණ  භේද බින්න  කලේ  රාජපක්ෂ රජයයි.
සමීක්ෂණ වාර්තා අනුව වර්තමානයේ ජනප්‍රසාදය වැඩිම නායකයා සරත් ෆොන්සේකා වන අතර ඊට පසුව වැඩිම කැමැත්ත රනිල් වික්‍රමසිංහට හිමිව ඇත. අනතුරුව මහින්ද රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස වශයෙන් එය බෙදී ගොස් ඇත. මහින්ද රාජපක්ෂ සරත් ෆොන්සේකාව හිරෙ දමා ඇතී නිසා සරත් ෆොන්සේකා ජනප්‍රසාදය දිනසිටියද  හිරෙන් නිදහස් වූ විට එය පහත වැටෙන බව පැහැදිලි කරුණකී.

මෙසේ තිබියදී නිදිමතේ සිටින එක්සත් ජාතික පාක්ෂිකයා  රනිල් වික්‍රමසිංහ  මීලග මැතිවරණයකදී  ලංකාවේ සාමාන්‍ය ගතිය වන ඉක්මනට අමතක කිරීමත් සමාව  දීමේ දේව ගතියත් නිසා නැවත බලයට පැමිණීම  මීළඟ ජනාධිපති ලෙස සිදු විය හැකි සම්බාවිතාව  නිසා මහින්ද ඇත්තටම බය රනිල්ට මිසක් සජිත්ට නොවේ.

පසුගිය එක්සත් ජාතික පක්ෂ නායකයන් තේරීමේ මැතිවරණයෙන් ජය ගැනීම උදෙසා සජිත් ප්‍රේමදාස රාත්‍රියේ  ඦන්දය හිමි සියලුම දෙන අමතා ඇත. පසුදා පාන්දර ජලනි ප්‍රේමදාස මගිනුත් නැවත ඉල්ලීම් කොට ඇත. නමුත් එම කිසිම ඉල්ලිමක සජිත් තමන්ට  චන්දය දීමට ඉල්ලීම් කලද කරුගේ හෝ දයාසිරිගේ නමක්වත්  භාවිත කොට නැත. මෙය මැතිවරණයට සහබාගී වූ ඕනෑම අයෙකුගෙන් ඇසුවොත් දැනගත හැකි කරුණකි. අප මෙය පල කරන්නේ 16 කට අදික පිරිසකගෙන් මෙය විමසා බැලීමෙන් පසුව බව අවදාරණය කොට සිටිමු.

සජීත්ගේ වචන වලින් "අය්යා  දන්නවනේ මට වැඩක් ඉවරවෙනකම් නින්ද යන්නේ නැහැනේ. සමහර විට තාත්තගේ  පුරුද්දක් වෙන්න ඇති. අය්යව මට විශ්වාසයී. මගේ  යුතුකමනේ මට චන්දය දෙන සෙට් එකට calls  දෙන එක" ඉතින් මේ සජිත් ප්‍රේමදාසගේ සැබෑ ස්වරුපයයී.  රස්නය පිරි කොස් අට බෑමට තම අත නොදමා කරුවා බළලා කොට  කරුව දමා තත්වය පරික්ෂා කිරීමේ  සජිත්ගේ කුට උපාය  සාර්ථක විය.

අහෝ මෝඩ දයාසිරි සහ කරු .........

Posted by Ravaya on 11:51 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "කරුගේ සහ දයාසිරිගේ දැනගැනීම පිණිසය ඇත්තම ඇත්ත සජිත්ගේ දෙබිඩි චරිතය"

Leave a reply