පකිස්තාන අගමැතිට හමුදාවෙන් අනතුරු ඇගවීමක්

මාධ්‍ය සාකච්ඡාවක් අරතුරදී හමුදා නායකයින් විවේචනය කිරීම සම්බන්ධයෙන් පකිස්තාන හමදාව එරට අගමැති යුසුෆ් රාසා ගිලානිට ප‍්‍රසිද්ධියේ අවවාද කර තිබේ.
පකිස්තානු හමුදාව සමග සමීප සබදතා පවත්වන්නේ යැයි චෝදනා කරමින් අගමැති ගිලානි ඔහුගේ ආරක්‍ෂක ලේකම්වරයාද තනතුරින් නෙරපා ඇත.

පසුගිය මාස කිහිපය තුළ පකිස්තානු සිවිල් රජය සහ හමුදා නායකයින් අතර මත ගැටුම් උත්සන්න වෙමින් පැවතුණු අතර මෙම අලූත්ම මතභේදය පකිස්තානයේ අස්ථාවරත්වය පෙන්නුම් කරන බරපතළ මූලාශ‍්‍රයක් බව සදහන් වේ. කුමන්ත‍්‍රණ මාලාවකින් බලය ලබාගැනීමෙන් පසු පකිස්තානු ඉතිහාසයේ හරි අඩකට වඩා පාලනය කරනු ලැබුවේ හමුදා පාලන රජයකි.

චයිනාස් පීපල්ස් ඬේලී ඔන්ලයින් මාධ්‍ය වෙත අගමැති ගිලානි සදහන් කර තිබුණේ එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගවලට අවනත නොවී හමුදා නායකින් සහ බුද්ධි අංශ ප‍්‍රධානියා කටයුතු කරන බවය. අගමැතිවරයාගේ මෙම සම්මුඛ සාකච්ඡාව චීනයේ විකාශනය වූයේ පකිස්තාන හමුදා නායක ජෙනරාල් අෂෆක් කයානි චීනයේ සංචාරය කරන අතරතුරදීය.

Posted by Ravaya on 3:42 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "පකිස්තාන අගමැතිට හමුදාවෙන් අනතුරු ඇගවීමක්"

Leave a reply