පරිපූරක වෛද්‍ය නිලධාරීහු දීප ව්‍යාප්ත වර්ජනයකට සැරසේ
දිවයින පුරා රෝහල් හා සෞඛ්‍ය ආයතයන්හි පරිපූරක වෛද්‍ය සේවාවේ 5000ක නිලධාරීන් හා ඔවුන්ගේ ඉල්ලීම් සදහා රජයෙන් විසදුම් ලබා නොදීම හේතුවෙන් 18 වැනි දින උදැසන 8 සිට පැය 24ක කාලයක් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට සූදානම් බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති එක්බද්ධ බලමණ්ඩලයේ ප‍්‍රධාන ලේකම් සමන් ජයසේකර මහතා පවසයි.
කොළඹ සියලූම රෝහල්වල සිටින පරිපූරක වෛද්‍ය සේවාවේ සේවකයින් 3000කට අදික පිරිසක් විශ්ව විද්‍යාල උපාධිය සම්පූර්ණ කළ උපාධිධාරීන් 300ක්, අභ්‍යයන්තර පරිපූරක උපාධිය හදාරන සිසුන් 500ක් මෙන්ම විශ්ව විද්‍යාල ප‍්‍රජාව එක්ව 17 වැනි දින දහවල් 12ට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක නිරත වීමට කටයුතු යොදා තිබේ.
දිවයින පුරා රෝහල් සෞඛ්‍ය ආයතනයන්හි වෛද්‍ය පර්යේෂණාගාර තාක්‍ෂණ විiාඥයින්, ඖෂධවේදීන්, විකිරණ ශිල්පීන්, භෞත චිකිත්සක හා වෘත්තීය චිකිත්සක නිලධාරීන් ඇතුළු පරිපූරක වෛද්‍ය සේවාවේ නිලධාරිහු මෙම වර්ජනයට ඇතුලත් වේ.
උපාධිධාරීන් වහාම සේවයට බදවා ගැනීම, පරිපූරක වෛද්‍ය සේවාවේ දීමනා ලබාගැනීම, පළමු ශ්‍රේණි උසස්වීම් හා විශේෂ උසස්වීම් ලබාගැනීම යන ප‍්‍රධාන ඉල්ලීම් තුන මූලික කරගනිමින් මෙම උද්ඝෝෂණය හා වැඩවර්ජනය ක‍්‍රියාත්මක වීමට නියමිතය.
ඉන්අනතුරුව සතියක කාලයක් තුළදී විසදුම් ලබා නොදුනහොත් බරපතළ ක‍්‍රියාමාර්ගයකට එළැඹෙන බවද එම බලමණ්ඩලයේ ලේකම් සමන් ජයසේකර මහතා අවධාරනය කරයි.

0 comments for "පරිපූරක වෛද්‍ය නිලධාරීහු දීප ව්‍යාප්ත වර්ජනයකට සැරසේ"