තිලංග පාර්ශවයට බලපෑම් ඇති බව හෙලි කරයි

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණයට ඉදිරිපත්ව සිටින තිලංග සුමතිපාලගේ පාර්ශවයට බලපෑම් එල්ල වී ඇති ඇතැයි එහි උප සභාපති තනතුරට තරඟ වදින මොහාන් ද සිල්වා මහතා පවසයි.
තම පාර්ශවය හෙට පැවැත්වෙන නිලවරණයට ඉදිරිපත්වන්නේද නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණයකට එළඹී නැතැයි ඔහු පැවසීය.
මොහාන් ද සිල්වා මහතා වැඩිදුරටත් මාධ්‍යට මෙසේ පවසා තිබිණි.
‘‘අපිට සමාජ කිහිපයකිනුයි ක‍්‍රීඩා සමාජ කිහිපයකිනුයි දැනුවත් කළා මෙහෙම බලපෑම තියෙනවයි කියලා. ඒ නිසා අපි රැුස්වෙනවා තීරණයක් ගන්න. මොකද එහෙම බලපෑම් කරනවනම් ඉතිං අපි මොකට ද ඉදිරිපත් වෙන්නේ. අපි හොද මහත්වරු වගේ කණ්ඩායමක්, හොද මහත්වරු, දක්ෂ තනතුරු දරන රටේ කණ්ඩායමක්, මහත්වරු වගේ ඉදිරිපත් වුණේ, අපි මහත්වරු හැටියට අයින් වෙනවා. ඒක තමයි අපි තීරණයක් ගන්නේ. අපි කැඳවලා තියෙනවාඅපේ කට්ටියව, සාකච්ඡාවකට 1.30ට 2ට විතර තමයි අපි රැස්වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකෙදි අපි හොදට කල්පනා කරල බලල, තීරණයක් ගන්න වෙනවා’’
මෙවර එම පාර්ශවය නියෝජනය කරමින් උප සභාපති තනතුරක් සඳහා තරගවඳින ජයන්ත පරණාතල මහතාගෙන් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ මේවන විට හෙට (03) නිලවරණයට තරග වදින්නේද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීමට මේවන විට සාකච්ඡුාවක් පැවැත්වෙමින් තිබෙන බවයි.
කෙසේවුවද අපට විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැන ගැනීමට ලැබුණේ හෙට නිලවරණයට එම පාර්ශවය තරග නොවැදීමට තීරණය කර ඇති බවයි.
මේ අතර, එම පාර්ශවය විසින් ලබාදුන් නාම යෝජනා පත‍්‍රවලද වෙනස්කම් සිදු කර අතැයි ද වාර්තා වේ.

Posted by Ravaya on 5:49 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "තිලංග පාර්ශවයට බලපෑම් ඇති බව හෙලි කරයි"

Leave a reply