අධ්‍යාපන ඇමතිවරුන් වහා ඉල්ලා අස්විය යුතුයි. - ලංකා ගුරු සේවා සංගමය
මෙරට තුන් ලක්ෂයකට ආසන්න සිසු දරුවන් පෙනී සිටි 2011 අ.පො. උ/පෙල විභාගයේ විභාග ප්‍රතිඵල නිකුත් කිරීම බරපතල ගැටළුවක් බවට පත් කර එම දරුවන්ගේ අනාගතය අදුරු කිරිමට කටයුතු කළ වර්ථමාන ආණ්ඩුවේ අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මෙන්ම උසස් අධ්‍යාපන ඇමති එස්.බී.දිසානායක වහාම ඉල්ලා අස්විය යුතු බව ලංකා ගුරුසේවා සංගමය පවසයි.
ශි‍්‍ර ලංකාව ආසියාවේ දැනුමේ කේන්ද්‍රස්ථානය කරන බවටත්, ඒ මගින් ශි‍්‍ර ලංකාව ආසියාවේ ආස්චර්ය වනු ඇති බවටත් සුරංගනා කථා කියමින් මෙරට ජනතාව රවටමින් සිටින ආණ්ඩුව අද වන විට පාසල් අධ්‍යාපනය අවසන් විභාගය මෙන්ම උසස් අධ්‍යාපනය සදහා වන අතිශය තීරණාත්මක විභාගයද ලෙස සැලකෙන අ.පො.ස. උ.පෙල විභාහගයේ විභාග ප්‍රතිඵල රටේ ජනාධිපතිවරයාද මැදිහත්ව සිටියදී නිකුත් කර ගත නොහැකි වීම බෙහෙවින්ම බරපතල මෙන්ම කණගාටුදායක තත්වයක්ද වන බවත් ඒ සම්බන්ධව තම සංගමයේ දැඩි විරෝධය පලකරන බවත් පවසා සිටී.එම සංගමය මගින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකින් මේ බව පවසා සිටින අතර එහි වැඩිදුරටත් මෙසේ පවසයි.
මෙරට ඉතිහාසායේ විභාග දෙපාර්තමේන්තුව මෙවැනි තත්වයකට පත් වූ ප්‍රථම අවස්ථාව මෙය බවද පෙන්වා දෙන අතර මෙම ප්‍රතිඵල මෙතෙක් නිවැරදිව නිකුත් නොකිරීම නිසා මෙරට තුන් ලක්ෂයකට ආසන්න සිසු දරුවන්ට තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සැලසුම් කරගැනීමට නොහැකි වීම, විශ්ව විද්‍යාලවල ලියාපදිංචි විය හැකි කාල සීමාව ඉක්මයාම, සෙසු උසස් අධ්‍යාපන ආයතනවල ලියාපදිංචි කිරීම් හා පාඨමාලා ආරම්භ කිරීම් ප්‍රමාද වීම, පාඨමාලා සැලසුම් කර ගත නොහැකි වීම හා රැුකියා අවස්ථා අහිමි වීම ඇතලූ බරපතල ගැටළු ගණනාවක් මේ වන විට නිර්මාණය වෙමින් තිබේ. එසේම යම් හෙයකින් මෙම ප්රත්ඵල පිළිබද සෑහීමකට පත්නොවන බහුතරයක් සිසුන්ගේ ප්‍රතිඵල නැවත පරීක්ෂාකිරීමට ඉල්ලා සිටිය හොත් එහි ප්‍රතිඵල නිකුත් කිරීමට තවත් සැලකිය යුතු කාලයක් ගත වන බැවින් ඉහත ස`දහන් කළ ගැටළු තවත් බරපතළ වනු ඇත.
එමෙන්ම ජාත්‍යන්තරව පවා කීර්තියට පත් මෙරට උගත් බුද්ධිමත් ජනතාවගේ ඉහල විශ්වාසයක් හා ගෞවරයක් දිනා සිටි විභාග දෙපාර්තුමේන්තුව අද වන විට මෙවැනි කණගාටුදායක තත්වයකට පත් වූයේ අහම්බෙන් නොවන බව දැඩිව අවධාරණය කරන අප සංගමය මෑත ඉතිහාසයේ බරපතල විවේචනයන්ට ් ලක්ව අපකිර්තිමත්ම විභාග කොමසාරිස්වරයා විශ්‍රාම යාමෙන් පසු ආණ්ඩුවේ පටු උවමනාවන් වෙනුවෙන් වසර 3 ක් තිස්සේ සේවා දිගු 3ක් ලබා දීමට කටයුතු කල කැබිනට් මණ්ඩලය ඇතුලූ ආණ්ඩුව මේ සදහා සෘජුවම වගකිව යුතු බවද ලංකා ගුරුසේවා සංගමය පවසයි.
Posted by Ravaya
on 4:37 AM.
Filed under
Discussion
.
You can follow any responses to this entry through the RSS 2.0.
You can leave a response or trackback to this entry
0 comments for "අධ්‍යාපන ඇමතිවරුන් වහා ඉල්ලා අස්විය යුතුයි. - ලංකා ගුරු සේවා සංගමය"