රොෂාන් ගුණතිලකට අමාත්‍යාංශ ලේකම්කමක්

ජනවාරි මාසයේදී සිදුකිරීමට නියමිත අමාත්‍යාංශ ලේකම්වරුන් වෙනස් කිරීමේදී ඒකාබද්ධ මෙහෙයුම් අණ දෙන නිලධාරී හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතාට අමාත්‍යාංශ ලේකම් තනතුරුක් හිමිවීමට නියමිත බව වාර්තා වේ. ඊට අමතරව එම පත්කිරීම්වලදී රාජ්‍ය ආයතන කිහිපයක ප‍්‍රධානීන් සහ අමාත්‍යාංශ කිහිපයක අතිරේක ලේකම්වරුන් කිහිපදෙනකු අමාත්‍යාංශ ලේකම්වරුන් වශයෙන් පත්කිරීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.

ඒ අනුව විශ‍්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් කේ.ඒ. තිලකරත්න, රේගු අධ්‍යක්ෂ ජෙනරාල් සුධර්මා කරුණාරත්න, වරාය හා ගුවන්සේවා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජී.එස්. විතානගේ, මහාමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අනුර ජයවික‍්‍රම, කම්කරු කොමසාරිස් ජෙනරාල් පර්ල් වීරසිංහ යන මහත්ම මහත්මීන්ගේ නම් අමාත්‍යාංශ ලේකම්වරුන් වශයෙන් යෝජනා වී ඇති බව දැනගන්නට ඇත.
මේ අතර 2012.01.01 දන සිට ක‍්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් තනතුරු දෙකක් සඳහා ආචාර්ය බී.එම්.එස්. බටගොඩ සහ එස්.ආර්. ආටිගල යන මහත්වරුන් පත්කර ඇත.
රාවය

Posted by Ravaya on 4:43 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "රොෂාන් ගුණතිලකට අමාත්‍යාංශ ලේකම්කමක්"

Leave a reply