‘භාර්යාවෝ’ හැදීමට ගොස් භාර්යාවන් කෙලගෙන

සාරංග මෙන්ඩිස් විසින් අධ්‍යක්‍ෂණය කරනු ලබන ‘භාර්යාවෝ’ ටෙලිනාට්‍යයේ නිෂ්පාදිකාව වන සුදර්මා නෙත්තිකුමාර හා එම ටෙලිනාට්‍යයේ තිරරචනය කරනු ලැබූ ඉංජිනේරු හා ඉදිකිරිම් අමාත්‍ය විමල් වීරවංශ ඇමතිතුමාගේ බිරිඳවන ශෂී වීරවංශ කෙස්සවලූ පටලවා ගැනීමට ඉතා ආසන්න බව වාර්තා වේ.
මෙම ගැටුම සඳහා හේතුවී ඇත්තේ සුදර්මා නෙත්තිකුමාර අමාත්‍ය විමල්වීරවංශ හට නිතරම එස්.එම්.එස් පණිවිඩ එවීමයි. නිතරම විමල් වීරවංශගේ ජංගම දුරකථනය පරීක්‍ෂාකර බලන ශෂී හට සුදර්මා විසින් එවූ ඩිලීට් නොකරන ලද පේ‍්‍රමවන්ත එස්.එම්.එස් පණිවිඩයක් හා ඊට විමල් වීරවංශ දක්වා ඇති ප‍්‍රතිචාරයත් දැකීමෙන් අතිශය කෝපයට පත්වී ඇති ශෂී වීරවංශ සුදර්මාගේ සැමියාවන ගාමිණී නෙත්තිකුමාර හමුවීමට ගොස් තිබේ.
ගාමිණී නෙත්තිකුමාර හමුවූ ශෂී වීරවංශ ‘‘උඹ මහා පොන්???????ක්’’ යැයි කියමින් බැනවැදී ඇති අතර නැවතත් තම සැමියාට සුදර්මා එස්.එම්.එස් එවුවොත් ඇයට මතක හිටින පාඩමක් උගන්වන බව කියමින් පිටව ගොස් ඇත.
මෙයින් පුදුමයටත් ලැජ්ජාවටත් පත්වූ ගාමිණී නෙත්තිකුමාර සුදර්මාට පහරදී ඇගේ ජංගම දුරකථනය ඔහුගේ භාරයට ගෙන තිබේ. එසේ භාරයටගත් මොහොතේ සිට විමල් වීරවංශගෙන් එම දුරකථනයට එස්.එම්.එස් පණිවිඩ ගැලීමට පටන්ගෙන තිබේ.
මෙයින් මහත් කෝපයට පත් ගාමිණී නෙත්තිකුමාර ශෂී වීරවංශ අමතා ‘‘තමුසෙ මගේ ගෑනිව හදන්න ඉස්සෙල්ලා තමුසෙගේ මිනිහව හදාගන්නාවා’’ යැයි කියමින් අමු තිත්ත කතාවෙන් බැනවැදී තිබේ.
මේ වනවිට ‘භාර්යාවෝ’ ටෙලිනාට්‍යයේ සියලූම සම්බන්ධීකරන කටයුතු සිදුවන්නේ සහාය අධ්‍යක්‍ෂකවරයා හරහාය. තිරනාටක රචිකාවියත් නිෂාපාදකවරියත් දැන් එකිනෙකා මගහරිමින් දෙපසකට වී සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.





























0 comments for "‘භාර්යාවෝ’ හැදීමට ගොස් භාර්යාවන් කෙලගෙන"