කරූට ඡන්දය දුන් නිසා කොඩිතුවක්කු කැපේ
එක්සත් ජාතික පක්‍ෂ නායකයා තෝරන ඡන්ද විමසීමේදී රනිල් වික‍්‍රමසිංහ මහතාට ඡන්දය නොදුන් කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් කපාහරිමින් ඇතැයි එම පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටී.කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සිටි ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා දැනට මේ කැපිල්ලට හසුවී ඇති පළමුවැන්නාය.
ශිෂ්‍ය ව්‍යාපාරයේ සිට එජාප දේශපාලනයට පිවිසි කොඩිතුවක්කු මහතා එජාප කෘත්‍යාධිකරියට පත්ව ඇත්තේ 1974දී වන අතර රනිල් වික‍්‍රමසිංහ මහතා පත්ව ඇත්තේ ඉන් පසුවය.
කරූ ජයසුරිය හා සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන්ට සහයෝගය දීමේ හේතුවෙන් ඒ මහතා එජාප කෘත්‍යාධිකාරියෙන් නෙරපා ඇතැයිද පැවසේ.













0 comments for "කරූට ඡන්දය දුන් නිසා කොඩිතුවක්කු කැපේ"