ජනපති ඒකාධිපතියකු බව 'දිනමිණ' ත් පිළිගනී
ඊයේ (27) දිනමිණ පුවත්පත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒකාධිපතිවරයකු වශයෙන් හදුන්වා දී තිබේ. එම පුවත්පතේ "හුදකලා සටන්වල දේශපාලනය" නැමැති ලිපියෙහි එක් තැනක, සිසු සටන් සම්බන්ධයෙන් ඒකාධිපතිවරයාට නම්‍යශීලී විය හැකි නමුත් ඊට සමහර බලධාරීන් නම්‍යශීලී නොවන බව දක්වා ඇත.කෙසේ වෙතත් මේවන විට දිනමිණ අන්තර්ජාල වෙබ් අඩවියේ එම පිටුව නැවත යාවත්කාලීන කර ඇති අතර එහි ඒකාධිපතිවරයා වෙනුවට ජනාධිපතිවරයා ලෙස යොදා තිබේ.
වත්මන් මහින්ද රාජපක්ෂ පාලනය ඒකාධිපති පාලනයක්ය යන්න බොහෝ දෙනා ප්‍රකාශ කරන කාරණයකි. අද වන විට එය රජයේ මාධ්‍ය හරහාද අත්වැරදීමකින් හෝ ප්‍රකාශවීම "කට බොරු කීවත් දිව බොරු කියන්නේ නැහැ" යන කියමන තහවුරු කරන්නක් බව මාධ්‍ය ක්ෂේත්‍රයේ කතා බහට ලක්ව තිබේ.
0 comments for "ජනපති ඒකාධිපතියකු බව 'දිනමිණ' ත් පිළිගනී"