නිදන් නාමල්ගේ චීන ගනුදෙනුවෙන් පසුව හමුදා මුලස්ථානය පවත්වාගෙන යාමට මිලියන ගණන් මුදල් වතුරේ

ශ්‍රී ලංකා යුධහමුදා මූලස්ථානය පිහිටාතිබූ ගාලුමුවදොර පිටිය ආසන්න ඉඩම විදේශීය සමාගමකට විකුනාදැමීමෙන් පසු හමුදා මූලස්ථානය පවත්වාගෙන යන ගොඩනැගිල්ලේ මාසික කුලිය රුපියල්  5,700,000කි. මෙයට වරිපණම් හා වැට්බදු ඇතුලු වෙනත් මූල්‍යමය බදුද එකතුවේ. මේ අනුව අවම මාසික කුලියට අවම වශයෙන් තවත් 15%ක් පමණ එකතුවේ.

කොළඹ 07 හෝටන් පෙදෙසේ අංක 37 දරණ ස්ථානයේ පිහිටි ආසිරි සෙන්ට්‍රල් හොස්පිට්ල් පුද්ගලික ආයතනය (Asiri Central Hospital) මේ සදහා කුලියට ගෙන ඇත. මෙයට අමතරව කොළඹ 03, 08 වන පටුමගේ අංක 07 දරණ ස්ථානයද කුලියටගෙන ඇත. එහි මාසික කුලිය රුපියල් 1938000කි. මෙයටද වරිපණම් හා වැට්බදු ඇතුළු අනිකුත් මූල්‍යමය බදු අවම වශයෙන් 15%ක් එකතුවේ.

මේ අනුව හමුදා මූලස්ථානය වෙනුවෙන් මාසික කුලිය අවම වශයෙන් රුපියල් ලක්ෂ 88ක් වත් ගෙවීමට සිදුවී තිබේ. මේ අනුව වසරක කුලිය රුපියල් 105600000ක් ගෙවීමට සිදුවී ඇත.සමස්ත රටම රවටා චීන්නුන්ට ගාලුමුවදොර වටිනා ඉඩම විකුණා කුලියට ජීවත් වෙමින්  මේ කරන්නාවූ විගඩමෙන් පොහොසත් වන්නේ කවුරුන්ද නිදන් නාමල් රාජපක්ෂගේ  චීන මගඩී ගනුදෙනුවලින් ගොටාභය රාජපක්ෂ මහතාගේ නම කැතවෙමින් පවතී. ගොටාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් වුවද මෙම ගනුදෙනුව මහින්ද රාජපක්ෂ වෙනුවෙන් නාමල් රාජපක්ෂ ගනුදෙනුව සිදුකර එංගලන්තයේ මුදල් තැන්පත් කොට පැමිණ ඇත. අසරණ හමුදා සොල්දාදුවන් කොලඔ කණු කපද්දී නිදන් නාමල් සැපසේ මුදල් සොයයී .

Posted by Ravaya on 5:24 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "නිදන් නාමල්ගේ චීන ගනුදෙනුවෙන් පසුව හමුදා මුලස්ථානය පවත්වාගෙන යාමට මිලියන ගණන් මුදල් වතුරේ"

Leave a reply