කොටස් වෙළදපොල රැකගන්න ආර්ථිකය බිලි දෙයි!
ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන කොටස්වෙළදපොල වශයෙන් ආණ්ඩුව හැදින්වූ කොළඹ කොටස් වෙළදපොල මේ වර්ෂයේ දිගින් දිගටම පාඩු ලබමින් තිබේ.මෙම තත්වයට මුහුණදීමේ උපක්‍රමයක් වශයෙන් කොටස් වෙළදපොලේ ලියාපදිංචි තැරැව්කාර සමාගම් වලට එම සමාගම් හි ප්‍රාග්ධනය මෙන් තුන් ගුණයක ණය ගැනීමට ඉඩ ලාබදී ඇත. එම මුදල් කොටස් මිලදී ගැනීමට යෙදවීම සදහාය. ආණ්ඩුවේ නියෝග මත ශ්‍රී ලංකා විනිමය සුරැකුම් කොමිසම මගින් මෙම වරප්‍රසාදය ලබාදී තිබේ.
දැනට පවතින ලෝක ආර්ථික අර්බුදය 2008 ඔක්තෝම්බර් වල ආරම්භවූ අවස්ථාවේ ඇමරිකාව ඇතුළු රටවල් විසින් මහජන ධනය යොදවමින් මුල්‍ය සමාගම් ඇතුළු බිදවැටීමට යෙදවීය. ලංකා ආණ්ඩුවද මේ කරමින් සිටින්නේ සෘජුව සමාගම් රැකගැනීමට මහජන මුදල් යෙදවීම වෙනුවට කොළඹ කොටස් වෙළදපොලට මුදල් පොම්පකිරීමයි. බටහිර රටවල් එයින් දැඩි ආර්ථික අර්බුදයකට ඇදවැටින.
0 comments for "කොටස් වෙළදපොල රැකගන්න ආර්ථිකය බිලි දෙයි!"