නිලූකට ඔලිම්පික් හිමිවේද?

බලපිටියෙහි උපන් නිලූක කරුණාරත්න මෙරට සිටින අංක එකේ බැඞ්මින්ටන් ක‍්‍රීඩකයාය. කොළඹ රාජකීය විද්‍යාලයෙන් අකුරු කළ නිලූක බැඞ්මින්ටන් අත්පොත තැබුවේ නිවසින්මය. ඒ පියාගේ උරුමය අනුව යමිනි. නිලූකගේ පියා ලූවී කරුණාරත්නය. ඔහු ජාතික තලය නියෝජනය කළ බැඞ්මින්ටන් ක‍්‍රීඩකයෙකි. පසුව බැඞ්මින්ටන් පරිපාලනයේද කරක් ගැසූවෙකි. අද ඔහු නිලූකගේ පුහුණුකරු වේ.

සහෝදරයන් තිදෙනෙකු සිටින නිලූකගේ පවුලම බැඞ්මින්ටන් ක‍්‍රීඩාව සමඟ සැබැඳිය. ලූවී කරුණාරත්න බැඞ්මින්ටන් ක‍්‍රීඩාවේ දක්ෂයකු වූ නිසාම ඔහුගේ පළමු පුතු වූ නිලූකට එයින් එපිටට යෑමට ඉඩ නොතැබුවා විය හැක්කේ නිලූකද කුඩා වියේදීම බැඞ්මින්ටන් හපනකු වූ නිසාය. වයස අවුරුදු 13, 15, 17, 19 සියල්ල නිලූක ජයග‍්‍රහණ තබන්නේ එකී තල්ලූවෙන්මයැ’යි කීම මුසාවක් නොවන්නේය. වයස අවුරුදු 16දී බැඞ්මින්ටන් ජාතික ශූරයා වන්නට නිලූකට හැකියාව ලැබෙන්නේ ද එබැවිනි.

වයස අවුරුදු 16දී ජාතික ශූරයා වන නිලූක මෙරට ලාබාලතම බැඞ්මින්ටන් ජාතික ශුරයාවන විට ලෝක ශ්‍රේණිගත කිරීම් සඳහා තරග වදිනුයේ වයස අවුරුදු 18දීය. එහි ප‍්‍රතිඵලයක් ලෙස ඔහු 2003 වසරේ වේල්ස් විවෘත තරගාවලිය 2005දී  ඕස්ටේ‍්‍රලියා විවෘත තරගාවලිය, 2007 දී ෂර්බ ෂබඑැරබ්එදබ්ක තරගාවලිය 2008 දී ඹට්බර් ෂබඑැරබ්එදබ්ක තරගාවලි සඳහා සහභාගිව අවසන් වටය දක්වා සුදුසුකම් ලදහ. 2006 දී පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලේදී අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණි නිලූකගේ ගමන එතැනින් අහවර වූවද ශ්‍රේණිගත කිරීම්වලින් ඉදිරි පිමි පනින්නට නිලූකට හැකියාව ලැබුණි. ඔහු පොදු රාජ්‍ය මණ්ඩල ක‍්‍රීඩා උළෙලෙහි දහසය වන තැනට පැමිණියේය.

කුහුඹියාගේ හැටියට කැවුත්ත කියන්නා සේ අපේ හැටියට නිලූක යන ගමන ඉතා වටින්නේය. තමන් අවසන් වටයෙන් විසිවුවද නිලූකගේ උත්සාහ අවසන් වටයෙන් එපිටට යන්නටමය. ඒ අනුව ගිය වසර නිලූකගේ වසර විය. දකුණු ඇමරිකාවේ දී පැවැති ණදඑයරසනද ෂබඑැරබ්එදබ්ක ජය්කකැබටැ තරගාවලිය නිලූක ජයගත් අතර එයට සමගාමීව පැවති ඇමරිකාවේ මයාමිලවල තරගාවලියද නිලූක ජයගත්තේය. ඉන්පසු එංගලන්තය බලා ගිය නිලූක වේල්ස්හි පැවති තරගාවලියද ජය ලැබීය. මේ ජයග‍්‍රහණය සමඟ නිලූක ලෝක ශ්‍රේණිගත කිරීම්හි 77 වන තැන දක්වා ඔසවා තබනු ලැබුවේ එතකේ ඔහු කැප කළ දක්ෂතාවෙහි උපරිමය සනිටුහන් කරමිනි.

නිලූක මේ දිනවල සිට්න්නේද බැඞ්මින්ටන් තරගවල නියැලෙමිනි. ඔහු පසුගියදා ස්ටෝනියාහි අවසන් වූ යොනොක්ෂි ස්ටෝනියා අන්තර් ජාතික බැඞ්මින්ටන් තරගාවලියට සහභාගිව ලෝකඩ පදක්කමකට උරුමකම් කීය.

මෙකී ජයග‍්‍රහණයත් සමඟ නිලූකට ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ මාවත හෙළිපෙහෙළි වී ඇත. 2012 ලන්ඩන් ඔලිම්පික් තරගාවලියට සහභාගිවීම සඳහා ලොව පුරා බැඞ්මින්ටන් ක‍්‍රීඩකයන් 38කට අවස්ථාව හිමිය. නිලූක සිටිනුයේ ඉන් 35වැනියාටය. එසේ නම් නිලූකගේ ඔලිම්පික් සහභාගිවීමේ ගමන බොහෝ දුරට සාර්ථකවීමට ඉඩ ඇත. යම් හෙයකින් නිලූකට එකී අවස්ථාව ලදහොත් ඔහු උත්සාහයෙන්, කැපවීමෙන්, දක්ෂතාවෙන් බැඞ්මින්ටන් ක‍්‍රීඩාව සඳහා ඔලිම්පික් තරගාවලියට සහභාගි වූ ප‍්‍රථමයා වන්නේය.

මීට පෙර ඔලිම්පික් තරගාවලියට නිරෝෂන් විජේකෝන් සහ තිළිණි ජයසිංහ වරම් ලැබුවද ඒ වයිල්ඞ් කාඞ් ක‍්‍රමයටය.

වසර මුලදී නිලූක ගැන ලියූයේ මෙවර ඔලිම්පික් සඳහා සුදුසුකම් ලබන ප‍්‍රථමයා නිලූකම විය හැකි බැවිනි. නිලූකට ඔලිම්පික් ගමන අත්දැකීම්වලින් එහා නොයන තරගාවලියක් විය හැකි මුත් එකී අත්දැකීම්ද අප වැනි රටක ක‍්‍රීඩකයකුට මහමෙරකි. එකී මහමෙරක පැතුම නිලූකට උදාවේවායි පතමු.

- රාවය

Posted by Ravaya on 3:11 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "නිලූකට ඔලිම්පික් හිමිවේද?"

Leave a reply