"මගේ පුතා කුස පබා බැලුවේ අමාරුවෙන්ලු මෙලෝදානයක් එක තේරෙන්නේ නැහැ හරිම බෝරින්ග් වැඩී" ඩලස් අලහප්පෙරුම

“බුරුමයේ, සියමේ, ලාඹ්සයේ, කාම්බෝජයේ,තායිලන්තයේ බෞද්ධයන් පිළිබඳ කතා කළ අපි, දෙමළ බෞද්ධයින් අමතක කළා..”
“සිංහල භාෂාවෙන් ඔබ්බට ගිය සංඝ සමාජයක් නිර්මාණය කරන්න අපි දැරුවේ අවම උත්සාහයක්..”

සිංහල භාෂාවෙන් ඔබ්බට ගිය සංඝ සමාජයක් නිර්මාණය කරන්න අපි දැරුවේ අවම උත්සාහයක්. අපි සියමේ, බුරුමයේ, ලාඕසයේ, කාම්බෝජයේ, ජපානයේ, චීනයේ, තායිලන්තයේ, තායිවානයේ, වියට්නාමයේ බෞද්ධයන් පිළිබඳ කථා කළා මිසක්, දෙමළ බෞද්ධයන් පිළිබඳව කිසිවක් කථා කළේ නැහැ. අපේ සමාජය බොහෝ විට කටයුතු කළේ දෙමළ බෞද්ධයන් අමතක කරලා යැයි යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය, ඩලස් අලහප්පෙරුම මහතා  ඊයේ  කොළඹදී ප්‍රකාශ කළේය.

කොස්ගොඩ, තාරිකී පරිඝනක පුහුණු මධ්‍යස්ථානයේ පරිඝනක පුහුණුව ලැබූ සාමනේර භික්ෂූන් වහන්සේලා 20 නමකට සහතික ප්‍රදානය කිරීමෙන් අනතුරුව පැවැති උත්සවයේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. කොළඹ නාරාහේන්පිට, අමාත්‍යාංශ ශ්‍රවණාගරයේදී පැවති මෙම උත්සවයේදී ඩලස් අලහප්පෙරුම මහතා මෙසේද කීය.

මම ඊයේ (26) කුස ජාතකය චිත්‍රපටය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වූණා. කුස ජාතකය පන්සිය පනස් ජාතක පොතේ 523 වන ජාතක කථාවයි. මේ අවස්ථාවට මම සහභාගී වුණේ මගේ බිරියත්, වයස 14 ක දෙවන පුතත් එක්ක. චිත්‍රපටිය තිරගත වන සම්පූර්ණ කාළය තුලම පුතා කළේ පරිඝනක මෙවලමක් භාවිතා කරමින් ක්‍රීඩාවක නිරත වීමයි. මම ගෙදර ඇවිත් පුතාගෙන් ඇහුවා, පුතා චිත්‍රපටිය බැලූවද කියලා. පුතා නැහැ කිව්වා. ඒ ඇයි ඇහුවම, ඔහු කිව්වේ අප්පච්චි මට තේරෙන්නේ නැහැ හරිම බෝරින්ග්  කියලා.ලංකාවේ සිංහල බෞද්ධ සිනමාව  ජාතීවාදී ස්වරුපයක ගමන් ගන්නා බවත් බුදදුධහම සිංහලයන්ට පමණක් අයිති බව අදහන වැද්දන් වත්මන් රජය තුල ඇමතිකම් පවා දරන බවත්. මොවුන් පිරිස සමස්ත රජය ජාතීවාදී මාවතකට රැගෙන යාමට උත්සහ දරන බවත් ඒ මහතා තවදුරටත්  පැවසිය.

Posted by Ravaya on 11:37 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for ""මගේ පුතා කුස පබා බැලුවේ අමාරුවෙන්ලු මෙලෝදානයක් එක තේරෙන්නේ නැහැ හරිම බෝරින්ග් වැඩී" ඩලස් අලහප්පෙරුම"

Leave a reply