ශ‍්‍රී ලංකා පිතිකරුවන්ට තවත් ප‍්‍රබල අභියෝගයක්
ලාංකීය එක්දින ක‍්‍රිකට් පිටියේ වඩාත්ම දරුණුම පරාජය ලැබූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිල ප‍්‍රථම එක්දින තරගයේ ලැජ්ජාව අකා මකා දැමීම සදහා දකුණු අප‍්‍රිකාව සමග අද (14) ඊස්ට් ලන්ඩන් හිදී දෙවන එක්දින තරගයකට මුහුණ දීමට නියමිතය.
ලකුණු 258ක විශිෂ්ට ජයක් ලැබූ දකුණු අප‍්‍රිකානු පිල අද දිවා තරගයෙන් වුවද වඩාත් හොද මානසිකත්වයකින් තරග වදිනුයේ ප‍්‍රථම තරගයෙන් පසුව ශ‍්‍රී ලංකා පිල ලකුණු 43ට දවාදැමීමත් සමග ඇති කරගත් ජයග‍්‍රාහී මානසිකත්වයකිනි.
කෙසේ වුවද නායක ඩිල්ෂාන් පවසනුයේ අද තරගයට නැවතත් ප‍්‍රබල ලෙස අවතීර්ණ වීමට සැලසුම් සකස් කර ඇති බවයි. දකුණු අප‍්‍රිකානු ටේස්ට් තරගය පරාජය වුවත් හොදින් සටනට අවතීර්ණ වී දෙවන ටෙස්ට් තරගය ඩර්බන්හිදී ජයග‍්‍රහණය කල ලෙසම දෙවන එක්දින තරගයේදි අප වඩාත් හොදින් ක‍්‍රීඩා කරන බවද ඔහු පවසයි.
මේ අතර ප‍්‍රථම වරට පසුගිය තරගයේදී නායකත්වය සැපයූ එ.බී. ඩිවිලියස් ඉතා හොද විශ්වාසයෙන් තම පිල අද තරගයේදී මෙහෙයවීමට අදිටන් කර ඇති බව පවසයි. බොහෝ විට අප‍්‍රිකානු පිලේ කිසිදු වෙනසකින් තොරව ක‍්‍රීඩා කිරීමට නියමිත ඇති බවත් ශ‍්‍රී ලංකා පිලේ වෙනස්කම් කීහිපයක් වනු ඇති බවත් වාර්තා වේ.
දියාරු පන්දු යැවීමක නිරත වූ දිල්හාර ප‍්‍රනාන්දු වෙනුවට වේග පන්දු යවන්නෙකු ලෙස තිසර පෙරේරා කැදවීමට ඉඩ ඇති බවද කණිෂ්ක අල්විටිගල කෙරෙහි ඊයේ පුහුණුවීම්වලින් පසුව අවධානය යොමු කරනු ඇතැයි දකුණු අප‍්‍රිකාවෙන් වාර්තා වේ. විශේෂයෙන් රංගන හේරත් අද තරගයට අජන්ත මෙන්ඩිස් වෙනුවට ක‍්‍රීඩා කිරීමටද ඉඩ ඇති බව විශ්වාසදායක ආරංචිවලින් වාර්තා වේ. මේ අතර ශ‍්‍රී ලංකා පිතිකරුවන්ගේ වෙනසක් ඇති නොවනු ඇතැයි එම ආරංචි මාර්ග කියා සිටී.
කෙසේ වුවද අද තරගය දිවා තරගයක් හෙයින් දෙපිලම ප‍්‍රථම තරගයට වඩා හොද තරගයක නියැලෙනු ඇතැයි විශ්වාස කෙරේ.

0 comments for "ශ‍්‍රී ලංකා පිතිකරුවන්ට තවත් ප‍්‍රබල අභියෝගයක්"