සිරියාවට මුහුණදෙන්න, ආරාබිලීගය එක්සත් ජාතීන්ගේ සහාය පතයි

සිරියාවේ සිදුවන ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිම කරලීමේ තම සැලසුම්වලට සහය දක්වන ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයෙන් අරාබි ලීගය ඉල්ලා ඇත.

ඉකුත් ඉරිදා දින අරාබි ලීගය විසින් සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට ධූරයෙන් ඉවත් වන ලෙසටත් ඔහුගේ උප ප‍්‍රධානියාට බලතල පවරන ලෙසටත් දැනුම්දී තිබේ. ඔවුන්ගේ මෙම යෝජනාවලට සහය ලබාගැනීම සඳහා අරාබි ලීග ප‍්‍රධානියා හා කටාර් අගමැතිවරයා නිව්යෝර්ක් බලා ගොස් ඇති බව වාර්තා වේ.

මේ අතර සිරියාවේ ඩැමස්කස් අගනුවර ආසන්නයේ ආරක්ෂක හමුදාව හා උද්ඝෝෂකයින් අතර ගැටුම් සිදුව ඇති බවට තොරතුරු ලැබී තිබේ.

ඒ.එෆ්.පී

Posted by Ravaya on 4:04 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "සිරියාවට මුහුණදෙන්න, ආරාබිලීගය එක්සත් ජාතීන්ගේ සහාය පතයි"

Leave a reply