පලස්තීනුවාට ඊශ්‍රයලයේ සිරදඩුවම්

ඊශ්‍රයල යුද අධිකරණය විසින් පලස්තීන පාර්ලීමේන්තු ප්‍රකාශක අසීස් දේවික් ට නඩු විභාගයකින් තොර ව මාස හයක සිර දඩුවමක් නියම කර ඇති බව වාර්තා වේ.

හෙතෙම පසුගිය බ්‍රහස්පතින්දා ඊශ්‍රයලයේ බටහිර ඉවුරේ රාමල්ලා නගරයේ දී අත්අඩංගුවට පත්විණි. පලස්තීනය සහ හමාස් සංවිධානය මෙම අත්අඩංගුවට ගැනීම හෙළා දැක ඇත.


අසීස් දේවික් අත්අඩංගුවට ගෙන දිනකට පසු ඊශ්‍රයල් හමුදා සෙබළුන් විසින් හමාස් සංවිධානයේ සාමාජික කහාලෙඩ් ටෆෙෂ් බෙත්ලෙහෙමේ නැගෙනහිර ප්‍රදේශයේ ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මාස 18කට අධික කාලයක් නැගෙනහිර ජෙරුසලමේ රතු කුරුස සංවිධානයේ රැකවරණය යටතේ සිටි තවත් ජ්‍යෙෂ්ඨ හමාස් සාමාජිකයන් දෙදෙනෙකු ඊශ්‍රයල පොලීසිය විසින් පසුගිය සඳුදා අත්අඩංගුවට ගෙන ඇත.

අසීස් 2006දී ද ඊශ්‍රයල අත්අඩංගුවට පත්ව ඇති අතර වසර තුනක කාලයක් බන්ධනාගාර ගත ව ඇතැයි ද වාර්තා වේ.

Posted by Ravaya on 12:05 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "පලස්තීනුවාට ඊශ්‍රයලයේ සිරදඩුවම්"

Leave a reply