ලීඩර් ගත් අසංග, සවර්ණවාහිනියටත් ඇස ගසයි

ලීඩර් පුවත්පත් ආයතනය මිලදී ගනු ලැබූ කෝටිපති ජාවාරම්කාර අසංග සෙනවිරත්න මහතා, පරිපාලන හා මූල්‍ය අර්බුදයකට ලක්වී ඇති සවර්ණවාහිනී නාලිකාවද මිලදී ගැනීමට මාන බලමින් සිටින බව අප වෙත වාර්තා වේ.

සන්ඬේ ලීඩර් පුවත්පත් ආයතනය මිලදී ගැනීමට අදාල සියලූ කටයුතු පසුගිය සතියේ නිමාවට පත්වී තිබේ. එසේ ලීඩර් ආයතනය මිලදී ගැනීමට අදාල තොරතුරු අසංග සෙනවිරත්න මහතා විසින් ජනාධිපතිවරයා වෙත දැනුම්දීමෙන් පසු, ස්වර්ණවාහිනී නාලිකාවද මිලදී ගැනීමට සොයාබලන ලෙස ජනාධිපතිවරයා ඔහුට උපදෙස් දී තිබේ.

ස්වර්ණවාහිනියේ පවුලේ සාමාජිකයින් අතර බරපතල අර්බුදයක් පවතින බව පැහැදිලි කර ඇති ජනාධිපතිවරයා, එදිරිසිංහ පවුලේ සාමාජිකයන් මේ වනවිට ජීවක එදිරිසිංහ මහතාව ස්වර්ණවාහිනියේ කටයුතුවලින් ඉවත් කොට ඇතැයිද පවසා තිබේ.

මීට අමතරව ජනප‍්‍රිය වෙබ් අඩවි කිහිපයක් විකිනීමට ඇති බව තමා වෙත වාර්තා වී ඇතැයි සඳහන් කර ඇති ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් සොයාබලන ලෙසද අසංග සෙනවිරත්න මහතාට වැඩිදුරටත් දැනුම්දි ඇත.

Posted by Ravaya on 1:10 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "ලීඩර් ගත් අසංග, සවර්ණවාහිනියටත් ඇස ගසයි"

Leave a reply