පීපල්ස් ලීසිං අළුත් ගිණුම් හෙළිදරව්ව
මෙරට විශාලතම ලීසිං සමාගම වන පීපල්ස් ලීසිං සමාගමේ 2011 දෙසැම්බර් කාර්තුවේ ගිණුම් වාර්තා හෙළිකර තිබේ.
මේ අනුව, සමාගම කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ 2011 දෙසැම්බර් කාර්තුවේදී සමාගමේ ශුද්ධ ලාභය සියයට 46 කින් වර්ධනය වී රුපියල් මිලියන 832 ක්වී තිබෙන බවයි.
අදාළ කාර්තුවේදී සමාගමේ ආදායම් සියයට 65 කින් වර්ධනය වී තිබෙන අතර එම ආදායම රුපියල් බිලියන 4.2 කි.
මෙහිදී, කොටසකට අදාළ ලාභය සියයට 53 කින් වැඩිවී ශත 61 ක්වී තිබේ.
සමාගමේ පොලී ආදායම මෙම කාර්තුවේදී සියයට 53 කින් වර්ධනය වී රුපියල් බිලියන 3.6 ක් වී තිබෙන අතර පොලී වියදම දෙගුණ වී රුපියල් බිලියන 1.9 ක්වී තිබෙන බව අනාවරණය වේ.
මේ අනුව, ශුද්ධ පොලී ආදායම සියයට 21 කින් වර්ධනය වී රුපියල් බිලියන 1.7 ක්වී ඇත.
පීපල්ස් ලීසිං සමාගම මහජන බැංකුවට අනුබද්ධ සමාගමක් වන අතර එහි කොටස් වලින් සියයට 71.50 ක් අයත් වන්නේ මහජන බැංකුවටයි.

0 comments for "පීපල්ස් ලීසිං අළුත් ගිණුම් හෙළිදරව්ව"