දශක තුනක යුද්ධය නිමා කර, LTTE ය පරාජයකල සැබෑ වීරයා කවුද ??????????

දශක තුනක යුද්ධය නිමා කර මුළු මහත් ශ්‍රී ලංකා වාසීන්ට නිදහසේ ජීවත්වන්නට හැකි රටක් අපට ගෙන දුන්නේ, මේ අපේ යුධ, ගුවන් සහ නවික හමුදාවේ ජීවිත පරිත්‍යාගයෙන් බව අප සියලු දෙනා දන්නා කරුණකි. නමුත් වර්තමානයේ දී  සියලුම ගෞරවය සහ අයිතිය උරුම කර ගන්නට රාජපක්ෂවරුන් දැඩි උත්සාහයක යෙදෙන බව නොරහසකි.

මෙකි ජය ලැබීමට සෑහෙන පිරිසක් දිවිහිමියෙන් කටුතු කල බව අද වන විට බොහෝදෙනකුට අමතකය. LTTE එක සෑම විටම ඔවුන්ට තර්ජනයක් විය හැකි සියලුම දේශපාලකයන්/වරියන් සහ ත්‍රීවිධ හමුදාවේ උසස් නිලධාරීන්  මරාදැමු බව නොරහසකි. මහින්ද යනු LTTE යට කිසි දිනක තර්ජනයක් නොවු දේශපාලන චරිතයකි. ඒ නිසාම මහින්ද බැසිල් හරහා දුන් මුදල් ලබාගෙන 2005 ජනාධිපතිවරණයේදී  උතුර නැගෙනහිර මිනිසුන් UNP අපේක්ෂක රනිල් වික්රමසිංහ ට ජන්දය දෙන එක නතර කලාය. එය සැවොම දන්නා කරුණකි. ඒ කියන්නේ මහින්ද ට LTTE සමග මිතුරු/සම්බන්දකම් තිබුන කෙනෙකි. ජන්දය පැවැත්වීමෙන් පසුව මහින්ද මුලින් ම කලේ සාම කතා ආරම්භ කිරීමය. මෙයට LTTE  යට බැසිල්, ටිරාන්, සජින් සමග ගිය ශ්‍රිපතිද  ද ඇතුලත් කලාය, නිමල් සිරිපාල නඩේ ගුරාගේ චරිතය රගපැවාය., සජින් (මිහින්ලංකා හොරා) ද සාමකතා කණ්ඩායමේ සිටි අනකුත් අයයි. ශ්‍රීපතී පසුව මහින්ද සමග ගැටුනුවෙලේ ශ්‍රිපතී  මරාදැමුවේ සියලු LTTE රහස්  ශ්‍රිපතී  දන්නා නිසාය. ශ්‍රිපතී  මැරුණු දිනට පෙර දින පුවත්පතකට කියා තිබුනේ, මහින්ද/බැසිල් සහ LTTE  ගනුදෙනු  සියලුම කරුණු හෙළි කරන බවයි. නමුත් ඊට පෙරම ශ්‍රිපතී මෙලොවින් යැවීමට මහින්ද සහ ගෝඨා වගබලා ගත්තාය. 

මහින්ද සැම විටම කීවේ සාමයෙන් සම්මුතියෙන් LTTE  ප්‍රශ්නය විසදන බවය. එය ඔහුගේ මහින්ද චින්තන වැඩ පිලිවලේ ද ඉතාමත්ම පැහැදිලිව සදහන්කර ඇත. වසර කීපයක සාමකතා LTTE ය කඩ කලේ මහින්දගේ කීමටය, නමුත් බැසිල් සහ LTTE  ය අතර ඇති වුනු  බහින්බස්වීමක් නිසා LTTE ය යලිත් සටන්බිමට යාමට තීරණය කළේය. මෙයට ප්‍රධානතම හේතුව වු යේ 2005 දී රජයට සහ මහින්දට සහය දීපු පක්ෂ වන, JVP  එක සහ හෙළ උරුමය,  LTTE  සාම කථා වලට විරුද්ධ වීමය. මහින්ද කලේ, තමාගේ සහ රජයේ පැවැත්මට සාම කථා පාවාදීමය. ඒ වන විට JVP  එක සහ හෙළ උරුමය සිටි ස්ථාවරය වූයේ  සාම කථා අනවශ්‍ය බවත්, LTTE  ය යුදමය වශයෙන් පරාජයකල යුතු බවය. සාම කථා බිදවැටුණු විගස LTTE  ය කලේ යම් හෙයකින් JVP  සහ හෙළ උරුමය කියනදේ අසා රජය යලිත් යුද බිමට පැමුනුනොත් තමන්ට වඩාත්ම තර්ජනයක් විය හැකි චරිතය නැති කිරිමයි. ඒ අනුව එවකට හමුදාපති ව සිටි ජෙනරාල් සරත් ෆොන්සේකාව මරා දැමීමට මරාගෙන මැරෙන LTTE කාන්තාවකට LTTE  නායකත්වය දැනුම් දුන්නාය, හරියට ම 2006/04/25 දින ජෙනරාල් ඝාතනය කීරීමට තැත් කලත් මේ පුණ්‍ය භුමියේ වාසනාවට ජෙනරාල් සරත් ෆොන්සේකා මරණයෙන් ගැලවුණාය, මින්  නොනැවතුණු LTTE එක යලිත් සුපුරුදු පරිදි  දේශපාලකයන් /වරියන් සහ ත්‍රීවිද හමුදාවේ උසස්ස් නිලධාරීන්  මරා දමමින් LTTE  අණසක ලංකාව තුල පැතුරුවාය. මහින්ද සහ ගෝඨා කර කියාගතව නොහැකිව එලියටවත් නොබැස, සියලුම පාරවල් වසා දමා තමන්ගේ ආරක්ෂාව පමණක් තරකර ගත් බව අද සැමට අමතකය. ජෙනරාල් සුව වී එනතුරු LTTE  එක යකා නැටුවාය අහසින් පවා ඇවිත් සැගවී සිටින මහින්ද ට සහ ගෝඨා ට බියගෙනෙන්න වැඩ දුන්නාය. මේ අතරවාරයෙදී  ජෙනරාල් සුවය ලබා නැවතත් සේවය සදහා පැමිණියාය. එහිදී ඔහු එක පොරොන්දුවක් දුන්නාය, එනම් තමා වසර 3 ක් ඇතුලත LTTE  එක පරාජය කරන බවත් ප්‍රභාකරන් ගෙන් තොර ලංකාවක් සියලු රටවැසියන්ට ලබා දෙන බවට ජෙනරාල් 2006 ජුලි මාසයේදී ප්‍රකාශ  කලාය. ජෙනරාල් 2009 මැයි 18 වන දින ප්‍රභාකරන්ගෙන් තොර ලංකාවක් සියලු රටවැසියන්ට ලබා දෙන ලදී. මහින්ද කිසි විටක තමා  LTTE  එක පරාජය කරන බවත් ප්‍රභාකරන් ගෙන් තොර ලංකාවක් සියලු රටවැසියන්ට ලබා දෙන බව කීවේ නැත. දෙන දේ කාලා වෙන දේ බලාගෙන සිටින න්‍යාය අනුගමනය කළේය. නමුත් යුධ ජයෙන් පසු සියලු ජයක්ග්‍රහණ වල ගෞරවය මහින්ද සහ ගෝඨා වෙත පමණක් ලබාගැනීමට උත්සහ කලාය. තවමත් උත්සහ කරමින් සිටී.

Posted by Ravaya on 1:24 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "දශක තුනක යුද්ධය නිමා කර, LTTE ය පරාජයකල සැබෑ වීරයා කවුද ??????????"

Leave a reply