හදිසියේ වැළදුන කොලවරි උමතුව
ඔවුන්ට තිබුණේ එක් මවුස බොත්තමක් තෙරපීම පමණි. යූ ටියුබය වහා ඉදිරියට පැමිණ සෙසු සියල්ල ඉටු කර දී තිබුණි. පසුගිය නොවැම්බර් 16 වැනිදා ඒ උමතුව පටන් ගැනුණි.
‘වයි දිස් කොලවරි ඩී?’
සැබවින්ම කුමක් ද මේ මිනීමරු ආශාව? ඇයි මෙතරම් ප්‍රචණ්ඩ ආශාවක්?
අතිශය ප්‍රකට දමිළ නළුවකු වන ධනුෂ් තම නවතම චිත්‍රපටය ‘3’ වෙනුවෙන් ගායනා කළ ‘කොලවරි’ ගීතය සැබැවින්ම අහම්බයකි. 18 වියැති අනිරුද් රවිචන්ද්‍ර පළමුව සංගීතය නිර්මාණය කළේය. ඒ සඳහා ඔහු භාවිත කළේ දකුණු ඉන්දියානු ජන ගායනා රටාවන් සහ බටහිර සංගීත භාණ්ඩයන්ගේ සම්මිශ්‍රණයකි. එමෙන්ම පැරැණි දකුණු ඉන්දියානු සංගීත භාණ්ඩ බොහොමයක් ද අනිරුද් භාවිතයට ගෙන තිබුණි. ඒ අතර නදාස්වරම් නම් දිගු නලාව, ශෙහානි නම් නලාවක්, උරුමී සහ තවීල් නම් බෙර විශේෂ දෙකක් මේ සඳහා යොදා ගෙන තිබුණි.
අනිරුද් විසින් ශබ්දාගාරයේ සිට තමා නිර්මාණය කළ සංගීතය ධනුෂ් හට ඇසෙන්නට සැලැස් වූ විට ධනුෂ් එක් වරම ‘වයි දිස් කොලවරි’ නමින් ගැයුම පටන් ගති. ඒ සංගීතයට නියමෙට කැපෙන වචන තිබුණේ ධනුෂ් ළඟ බව අනිරුද් ඒ මොහොතේම තීරණය කරනු ලැබීය. නළුවා ගායකයකු වූයේත්, ගීත රචකයකු වූයේත් මේ අහම්බයෙනි.
ඔහු ගයන්නේ දමිළ සහ ඉංග්‍රිසි එකට අනාගත් අසම්පූර්ණ භාෂාවකිනි. එනම් ටැන්ග්ලිෂ්වලිනි.ඔහු මෙය හඳුන්වන්නේ ‘සුප් ගීතය’ නමිනි.
දමිළ භාෂාවේ යෙදෙන යෙදුම් අතර සුප් යන්න අර්ථ ගැන්වෙන්නේ පෙම් සබඳතාවක් බිඳ වැටුණු තරුණයෙක් හඳුන්වන්නටය. ‘3’ නමින් හඳුන්වන ධනුෂ්ගේ නවතම සිනමාපටයේ මුලික කතාන්දරයේ සිටින්නේ ද මෙවන් පරාජිත පෙම්වතෙකි.
ඔහු තම ප්‍රේම සම්බන්ධතාවය බිඳ වැටීමෙන් ඉක්බිතිව බීමතින් ගයන ‘වයි දිස් කොලවරි ඩී’ ගීතය සිනමාපටය තිරගත වීමට පෙර එළිදැක්වීමට ඔවුන් තුළ අදහසක් නොතිබූ මුත් කුමක් හෝ හේතුවක් මත එම ගීතය කවුරුන් විසින් හෝ අන්තර් ජාලයට මුදා හැර තිබුණි. ඉන් කිහිප දිනකට පසුව ධනුෂ් ඇතුළු චිත්‍රපට කණ්ඩායම කොලවරි ගීතයේ නිල වීඩියෝව යූ ටියුබ් වෙත මුදා හරින ලදී.
මොහොතකින් සියලුම සමාජ ජාල වෙබ් අඩවි, බ්ලොග් අඩවි, ඊ-මේල ආදිය මගින් කොලවරි ගීතය ලෝකයේ සියලුම අහු මුලු කරා පැතිර යාම ඇරැඹුණි. ගීතය නිකුත් කර පළමු සතිය ඇතුළත පමණක් යූ ටියුබය හරහා මේ වීඩියෝව නැරැඹූ සංඛ්‍යාව මිලියන 1.3 කි. මිලියනයකට අධික ෆේස් බුක් බෙදා ගැනීම් ප්‍රමාණයකි. 2012 වසර ආරම්භය වන විට යූ ටියුබය හරහා මිලියන 30 ක් මේ ගීතය නරඹා තිබුණි. වැඩිම වාර ගණනාවක් ජංගම දුරකතන හරහා බාගත කළ ගීතය ලෙස ‘කොලවරි ඩී’ පත් වූයේ අසුරු සැණිනි. ගීතය නිකුත් කර නොබෝ දිනකින්ම එහි වෙනත් භාෂාවල දිගුවන් ද දැක ගත හැකි විය. ජපානය, නවසීලන්තය ආදී රටවල පවා මේ ගීතය ඇති කළ බලපෑම සුලුපටු නොවේ. එය සුන්දර උමතුවක් තරමටම පැතිර යන්නට විය.
මේ සියලු කාරණා සැලකිල්ලට ගෙන පසුගියදා යූ ටියුබය විසින් කොලවරි ගීතයට රන් සම්මානයක් පිරිනමනු ලැබීය.
‘. . . වයි දිස් කොලවරි . . . කොලවරි ඩී . . .’
ධනුෂ් අසන්නේ පැනයකි. ගීතය නිවා දමා මා නික්මෙමි. ඔබට ඒ පැනයට පිළිතුරු සැපයිය හැකිය. නැත්නම් යළිත් යූ ටියුබය හරහා ගීතය නැරැඹිය හැකිය.
‘3’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනුයේ ධනුෂ්ගේ භාර්යාව අයිශ්වර්යායි. මේ අයිශ්වර්යා යනු දෙමළ සිනමාවේ සුපිරි තරුව රජිණි කාන්ත්ගේ වැඩිමහලු දියණියයි. ගායිකාවක ද වන අයිශ්වර්යා ගේ මුල්ම අධ්‍යක්ෂණය ‘3’ ය. ඈ මෙන්ම තවත් සිනමාකාරිණියක වන ඇගේ නැඟණිය සෞන්දර්යා ද ‘කොලවරි’ ගීතය යූ ටියුබ් මගින් දකිද්දී ඔබට පෙනෙනු ඇත. මේ ගීතය පුරා ගීතය ගයද්දී ධනුෂ්ට සිදුවන වැරැදීම, ලැබෙන උපදෙස් සියල්ලම අසන්නට සැලැස් වේ.
Why this Kolavari
Hello Boys . . I am Singing Song
Soup Song . . Flop Song
Why This Kolaveri Kolaveri KolaveriDee?
Why This Kolaveri Kolaveri KolaveriDee?
Rhythm Correct . . .
Why This Kolaveri Kolaveri Kolaveri Dee?
Maintain This . . .
Why This Kolaveri? Dee
Distance’la Moon’nu Moon’nu
Moon’nu Color’ru White’tu
White’tu Background Night’tu Night’tu
Night’tu Color’ru Black’ku
Why This Kolaveri Kolaveri KolaveriDee?
Why This Kolaveri Kolaveri KolaveriDee?
White’tu Skin’nu Girl’lu Girl’lu
Girl’lu Heart’tu Black’ku
Eyes’su Eyes’su Meet’tu Meet’tu
My Future Dark’ku . . .
Why This Kolaveri Kolaveri KolaveriDee?
Why This Kolaveri Kolaveri KolaveriDee?
Mama, Notes Eduthuko . . .
Apdiye Kaila Snacks Eduthuko
Papapa Papapapa Papapa Pa Pa
Seriya Vaasi
Super Mama Ready . . Ready 1 2 3 4,
What A Change Over Mama
Ok Mama . . . Now Tune Change’ju . . .
Kaila Glass’su, Only English’sa
Hand’la Glass’su
Glass’la Scotch’chu
Eyes’su Full’la Tear’ru
Empty Life’Fu, Girl Come’mu
Life’fu Reverse’su Gear’ru
Love’vu Love’vu Oh My Love’vu
You Show To Me Bow’vu
Cow’vu Cow’vu Holy Cow’vu
I Want You Here Now’vu
God I am Dying Now’vu
She Is Happy How’vu
This Song’gu For Soup Boys’su
We Don’t Have Choice’su
Why This Kolaveri Kolaveri KolaveriDee
Why This Kolaveri Kolaveri KolaveriDee
Why This Kolaveri Kolaveri KolaveriDee
Why This Kolaveri Kolaveri KolaveriDee
Flop Song
Ni Tamil . . . Only English’su . . .
0 comments for "හදිසියේ වැළදුන කොලවරි උමතුව"