පබළු ටෙලි නාට්‍යයේ “සයුරි” යුගදිවියට
අයෝධ්‍යා ඔහු කවුද? එයා දිනේෂ් ලියනආරච්චි ව්‍යාපාරික කටයුතු කරන කෙනෙක්.දිනේෂ් අයියා ඉදි කිරීම් ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ ආයතනයක් පවත්වාගෙන යනවා.
ඔහු ඔබට මුණගැහුණේ මොන කාලෙද
මීට අවුරුදු පහකට විතර කලින් තමයි එයාව මුණගැහුණේ. එතකොට මම පොඩියි. සාමාන්‍ය පෙළ විභාගය කරන කාලේ වගෙයි අපි හඳුනාගත්තෙ.
දිනේෂ් අයියා මගේ අයියා (පුංචිගෙ පුතා)ගෙ හොඳම යාළුවා. අයියගෙ යාළුවා නිසා අපි අතරේ හිතවත්කම තිබුණා. ඒ හිතවත්කම නිසා අපි කතා කරනවා. රණ්ඩු කර ගන්නවා. ඒ විදියට තමයි අපි මුලින් ආශ්‍රය කළේ.
විවාහ කටයුතු ඉක්මනට කරන්න හිතුවෙ ඇයි?
පබළු ටෙලි නාට්‍යයේ අවසන් කොටස් විකාශය වෙන්න මාස පහකට හයකට විතර කලින්. දිනේෂ් අයියා ඒ එයාගේ අම්මලා තාත්තලා එක්ක අපේ ගෙදරට ඇවිත් මා ගැන අදහසක් තියෙනවා කියලා අපේ අම්මලාට කිව්වා. දෙපැත්තෙම දෙමාපියන්ගෙ විරෝධතාවයක් තිබුණෙ නැහැ. ඒ නිසා ඉක්මනින් විවාහය වෙනුවෙන් සූදානම් වෙන්න අපට සිදුවුණා.
යෝජනාව ගේන්න ඇත්තේ දිගටම ප්‍රේම සම්බන්ධය තිබුණ නිසා වෙන්න ඇති?
අපි දෙන්නා අතර ප්‍රේම සම්බන්ධයක් තිබුණා. නමුත් ඒක අපි රහසක් හැටියට තියාගත්තා. ගෙවල්වල අය පවා අපේ සම්බන්ධය දැනගත්තේ විවාහ යෝජනාව ගෙනාපු කාලේ. ගෙවල්වල අය දැනගෙන හිටියෙ නැති වුණත් දිනේෂ් අයියා පබළු ටෙලි නාට්‍ය කණ්ඩායමේ අය නම් හොඳට දන්නවා. එයා පබළු කණ්ඩායමේ හැමෝගෙම මිත්‍රයෙක්.
ඔබේ විවාහ උත්සවය පැවැත්වුණ් කොහේද?
බියගම පී.ටී. ගාඩ්න්ස්වල තමයි අපි පළවෙනි දවසේ විවාහ උත්සවය ගත්තේ. පී.ටී. ගාඩ්න්ස් කියන්නෙ පබළු ටෙලි නාට්‍ය රූගත කළ එක තැනක්. අපි දෙන්නා ඒ තැනට කැමැති නිසා එතන විවාහ උත්සවය ගත්තා.
අයෝධ්‍යා ඔයාලගෙ ඉදිරි බලාපොරොත්තු මොනවාද?
සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතරේ හොඳ නිර්මාණවලට දායකවෙලා රංගන ශිල්පිනියක් හැටියට කටයුතු කරන්න හිතාගෙන ඉන්නවා. ඒ ඇර විශේෂ බලාපොරොත්තු අපට නැහැ.
පබළු ටෙලි නාට්‍යයෙන් පසසේ රංගන ශිල්පිනියක් හැටියට දිගටම කටයුතු කරාවි කියලා ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වුණා. නමුත් ඔබට මොකද වුණේ?
මට මුකුත් වුණේ නැහැ (සිනාසෙමින්) මම දිගටම රඟපානවා. ඒකෙ වෙනසක් වෙන එකක් නැහැ. මගේ විවාහ සිදුවෙනවා. කිව්වහම බොහෝ දෙනෙක් ඇහුවා මම රඟපෑමට සමුදෙන්නද හදන්නේ කියලා. නමුත් රඟපෑමට සමුදීමේ බලාපොරොත්තුවක් මට නැහැ. හෙටත් මම මේ ක්‍ෂේත්‍රයේ ඉන්නවා.
ඔබ රඟපානවට ඔහු මුලින් කැමැත්තක් දැක් වූවද?
එයාට මුලදී නම් පොඩි බයක් තිබුණා. මම රඟපාන්න පටන් ගත් මුල් කාලේ එයාට තිබුණ බය පස්සෙදි නැතිවෙලා ගියා. බොහෝ අදහස් විශ්වාසය වැඩි වෙද්දී වෙනස් වෙනවා. එයා මේ ක්‍ෂේත්‍රය ගැන වගේම මා ගැනත් දැනුවත්.
ඔයාගේ රඟපෑම් ගැන මොනවද එයා කියන්නෙ?රඟපෑම් නම් හොඳයි කියලා කියනවා.
හැබැයි මම රඟපාන වෙලාවට අඬද්දී නම් එයා අහනවා ඔයා කොහොමද ඔච්චර බොරුවට අඬන්නෙ” කියලා.
0 comments for "පබළු ටෙලි නාට්‍යයේ “සයුරි” යුගදිවියට"