පාතාලය ට අත නෝතබන්නයි මහින්ද ගෝටාට කියයි
පසුගිය දිනවල සීග්‍රයෙන් සිදු කෙරුණු සියලු පාතාල වැටලීම් වහාම ක්‍රියාත්මකමක වන පරිදි නවතා ඇත. මෙයට හේඑතු වී ඇත්තේ, ගෝටාට, මහින්ද විසින් ලබාදුන් උපදෙස් අනුව බව ආරක්ෂක අමාතංශය තොරතුරු වලට අනුව රාවයට දැනගැනීමට ලැබී ඇත.පසුගිය දිනවල අත් අඩංගුවට ගත් බොහෝ පාතාල මැරයන් ජනපති මහින්දගේ අනින් ගෝටා නිදහස්කර ඇත. සමහර මැරයන් බේරාගැනීමට එලියේ ආණ්ඩුවට බනින අර්ජුන රණතුංග පවා ජනපති මහින්දට දුරකතනයෙන් කතා කල බවට වාර්තා වෙනවා. අර්ජුන කතා කර අත්තේ, කළු රන්ජන් බේරා ගැනීමටය, ජනපති අනින් නිදහස් කෙරුනු අනිත් මැරයන් අතර, කොටිටේ අමල් සහ පානදුර ඩොනල් ද සිටින බවට තොරතුරු ලැබී තිබෙනවා.
මේ වන විට මේ සියලුම මැරයන් ලංකාවෙන් පිටවගොස් ඇත. ඩොනල් මැලයාසියාවටද, අමල් සහ රන්ජන් සිංගප්පුරැවටද පලාගොස් ඇත. මොවුන් මෙසේ පැනගොස් ඇත්තේ, මහින්දගේ උපදෙස් මත බව අමල් දුරකතනයෙන් ඔහුගේ මිතුරෙකුට පවසා ඇත. තවද, තව වසරකින් යලි දිවයිනට එන බවත් පවසා ඇත. මහින්දගේ කීමට ඩොනල්, අමල්, රන්ජන්, බොහෝ මැර වැඩ කර ඇත. බොරැල්ලේ මැගසින් ඉදිරිපිට කල විරෝධතා රැස්වීමට ආ එක්සත් ජාතික පක්ෂයේ, කරු, රවී, දයාට ඇතුළු කණඩායමට දුවනකන් ගැහුවේ ඩොනල්, අමල්, රන්ජන් යන අයගේ කණ්ඩායමය. එනිසා මහින්ද ට ඩොනල්, අමල්, රන්ජන් ව අදට වඩා හෙටට වටිනා බව මහින්ද, තම හිත හොද ගෝටා මල්ලිට කියා ඇත.
0 comments for "පාතාලය ට අත නෝතබන්නයි මහින්ද ගෝටාට කියයි"