අප මහජාතියක් ලෙස සිතනතුරු උතුරේ ප්‍රශ්නයට විසඳුම් දෙන්න බැහැ - මහාචාර්ය ඉලංගසිංහ
උතුරු නැගෙනහිර ගැටලුවට දේශපාලන විසඳුම් ලබාදීමේ මාතෘකාව යළිත් උණුසුම් ලෙස කරළියට පැමිණ තිබේ. විශේෂයෙන්ම ඉන්දීය බලපෑම මෙහිලා අමතක කළ නොහැකි සාධකයක් වී තිබේ. රජයද ද්‍රවිඩ සන්ධානය සමග සාකචිඡා මේසයට වාඩි වීමට සූදානම්ය. අනාගත අර්බුදයක් විය හැකි මේ කාරණය අප තේරුම්ගත යුත්තේ කෙසේද? යන්න පිළිබඳ විමසා බැලිමට කාලෝචිතය. ඒ සඳහා අපි මෙවර ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු මංගල ඉලංගසිංහ මහතාගෙන් විමසුවෙමු.
යුද්ධය නිමවී වසර තුනක් ගත වී තිබෙන අවස්ථාවක උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාව සඳහා දේශපාලන විසඳුමක් ලබාදිය යුතුබව කියනවා. ඇත්තටම එවැනි දේශපාලන විසඳුමක අවශ්‍යතාවක් පෙනෙන්න තිබෙනවාද?
ඔව්. උතුරු නැගෙනහිර ප්‍රශ්නය සම්බන්ධයෙන් දේශපාලන විසඳුමක් ලබාදිය යුතුයි.
උතුරු නැගෙනහිර ප්‍රශ්නයක් ලෙස බොහෝ දෙනෙක් සැලකුවේ එල්.ටී.ටී.ඊ. කොටි ත්‍රස්තවාදයයි. දැන් ත්‍රස්තවාදය මුලිනුපුටා දමා තිබෙන පසුබිමක තවදුරටත් දේශපාලන විසඳුම් පිළිබඳ කතා කිරීම නැති ප්‍රශ්න ඇති කරගැනීමක් නොවේද?
අපි යුද්ධයෙන් විසඳුමක් ලබාදුන්නේ ත්‍රස්තවාදයට. ත්‍රස්තවාදයක් ඇති වීමට බලපෑ හේතූන් පිළිබඳවද විමසා බැලිය යුතුයි. උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාවටද රාජ්‍ය පාලනයට සම්බන්ධ වීමට ඉඩකඩ තිබිය යුතුයි. එහෙත් ඉකුත් දශකයන් හි ද්‍රවිඩ ජනයාට පාලනයට සම්බන්ධ වීමට තිබූ ඉඩකඩ ඇහිරී ගියා. ඇත්ත වශයෙන්ම ඒ ජනතාවටද පාලනයට සම්බන්ධ වීමට අවස්ථාව තිබිය යුතුයි. මේ චින්තන දඩමීමා කරගෙන වේලුපිල්‍ලේ ප්‍රභාකරන් ත්‍රස්තවාදී මුහුණුවරකින් යුතු සංවිධානයක් බිහිකළා.
එතකොට ඔබ කියන්නේ වේලුපිල්‍ලේ ප්‍රභාකරන්ගේ නැගිටීම සහ ත්‍රස්තවාදී ක්‍රියාමාර්ග සාධරණයි කියලද?
කිසිසේත්ම නැහැ. තම ප්‍රදේශවල පාලන බලයට සම්බන්ධ වීමට ඇති අයිතිය දිනා ගැනීමට ප්‍රභාකරන් උත්සාහ කළේ ප්‍රචණ්ඩකාරී ත්‍රස්ත මුහුණුවරකින්. ඔහුට අවශ්‍ය වූයේ ඊලමක් හෙවත් වෙනම රාජ්‍යයක්. රටෙන් කොටසක් වෙන් කරගෙන පාලනය බලය සියතට ගැනීමයි. ඒ වෙනුවෙන් ඔහු ගනු ලැබූ ක්‍රියාමාර්ග ශිෂ්ඨ සම්පන්න සමාජයකට කිසිසේත්ම පිළිගත නොහැකිය. එම නිසා ප්‍රභාකරන්ගේ චින්තනය යුද්ධයෙන් පරාජයට පත් කළා. නමුත් අපි යුද්ධයෙන් පරාජයට පත් කළේ උතුරු නැගෙනහිර ජනතාවගේ මානසිකත්වය නොවෙයි. යළිත් ආයුධ අතට ගන්න පිරිස් බිහිනොවන සමාජ දේශපාලන පසුබිමක් නිර්මාණය කිරීම මධ්‍යම ආණ්ඩුවේ වගකීමකි. එම නිසා දේශපාලන විසඳුමක් ලබාදීමේ අවශ්‍යතාව රට හමුවේ තිබෙනවා.
නමුත් මේ දේශපාලන විසඳුම ලබාදීමේ හදිසිය තිබෙන්නේ අපටත් වඩා ඉන්දියාවටයි.
ඉන්දීය මධ්‍යම ආණ්ඩුව ශ්‍රී ලංකාවේ ගැටලුව අරභයා මෙතරම් උනන්දුවක් දක්වන්නේ තමිල්නාඩු ප්‍රාන්තයෙන් එන පීඩනය නිසයි. දකුණු ඉන්දියාව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 37 දෙනෙක් පමණ තේරී පත්වෙනවා. එය ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ බල තුලනය කිරීමට සමත් සංඛ්‍යාවක්. එම නිසා ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට තමිල්නාඩුවේ හඬට කන්දෙන්න වෙන බව අමුතුවෙන් කිවයුතු නැහැ.
නමුත් වත්මන් තමිල්නාඩු දේශපාලනය එල්.ටී.ටී.ඊ. හිතවාදී එකක්?
ඔව්. එහෙත් දැන් ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරීත්වයක් නොමැති නිසා ද්‍රවිඩ ජනයා ඉලක්ක කරගත් දේශපාලනයකට තමිල්නාඩු දේශපාලනය නිතැතින්ම විතැන් වෙනවා. විශේෂයෙන්ම තමිල්නාඩු මහ ඇමැතිනිය ඇතුළු බොහොමයක් දේශපාලකයින් බලයට පත් වී ඇත්තේ ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රශ්නය කොරොම්බල් කරමිනුයි. එම නිසා ඔවුන් හැම අවස්ථාවකදීම ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට පීඩනයක් ගෙන ඒමට තමිල්නාඩු දේශපාලනය කටයුතු කරනවා. එවැනි පසුබිමක් යටතේ ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමට නොහැකි වී තිබෙන අතර ඔවුන් ශ්‍රී ලංකා ආණ්ඩුවට දේශපාලන විසඳුමක් ඉදිරිපත් කරන ලෙසට බලපෑම් කරනු ලබනවා.
ඉන්දු - ලංකා ගිවිසුමේ ප්‍රතිඵලයක් වූ පළාත් සභා ක්‍රමය යෝජනා වූයේත් මේ ගැටලුවට විසඳුමක් වශයෙන් නේද?
නමුත් දැන් පළාත් සභා ක්‍රමයෙන් එහා ගිය දේශපාලන විසඳුමක් ද්‍රවිඩ සංවිධානය ඇතුළු දේශපාලන පක්ෂ බලාපොරොත්තු වෙනවා.
ඔවුන් මේ ඉල්ලන්නේ ස්වයං පාලන අයිතියක් නොවේද?
ස්වයං පාලන බලයක් ලබාදිය යුතු නැහැ. නමුත් බලය බෙදාහැරීමක් සිදුකළ යුතුයි.
පළාත් සභා ක්‍රමයටත් එහා ගිය බලතල බෙදීමකින් අදහස් වන්නේ වෙනම පාලන ඒකකයක් පිහිටුවීම නොවෙයිද?
නැහැ සියයට 100ක් පාලන බලය ලබාදීමක් අවශ්‍ය වන්නේ නැහැ.
පොලිස් බලතල ඔවුන් ඉල්ලලා සිටිනවා?
පොලිස් බලතල පිළිබඳ ප්‍රශ්නය විමසා බලන විට ඉන්දීය ක්‍රමය පිළිබඳ අවධානය යොමු කළ හැකියි. ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව සතුව පොලිස් බලතල තිබෙනවා. එසේම ප්‍රාදේශීය වශයෙන්ද පොලිස් බලතල ලබාදී තිබෙනවා. ශ්‍රී ලංකාවේද එවැනි ක්‍රමවේදයක් සකස් කිරීමේ වරදක් මා දකින්නේ නැහැ.
නමුත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් පළාත් සභාවලට පොලිස් බලතල ලබාදෙනවාට විරුද්ධයි?
ජනාධිපතිවරයා එදා සිටි ස්ථාවරයේ අදත් සිටින බවයි පෙනී යන්නේ. විශේෂයෙන්ම එතුමා සිතනවා ඇති පොලිස් බලතල ලබාගෙන ඉන් අනතුරුව හමුදා බලතලත් ඉල්ලයි කියලා. කෙසේ වෙතත් පොලිස් බලතල මධ්‍යම ආණ්ඩුවේ තබාගෙන ප්‍රාදේශීය වශයෙන් පොලිස් බලතල ලබාදීමේ වරදක් මා දකින්නේ නැහැ.
ඔය ආකාරයේ බලතල බෙදීමකට ගියහොත් දකුණේ ජනතාව අතර නොසන්සුන්තාවන් හා විරෝධතාවක් පැන නගීවි නේද?
අපි මහජාතියක් ලෙස හිතනවා නම් මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නැහැ. අපි අපේ පැත්තෙන් කැපවීමක් පෙන්විය යුතුයි. අතීතයේදී විසඳාගත යුතු ප්‍රශ්නයට විසඳුම් ලබාදීමට එදා සිටි දේශපාලකයින් කටයුතු නොකිරීම නිසා දශක තුනක් පුරා පැතිරුණු කුරිරු ත්‍රස්තවාදයකට මුහුණදීමට මුළු රටටම සිදුවුණා. ඉන් ජීවිත අහිමි වූ දසදහස් ගණනක් සිටිනවා. දේපොළවලට සිදු වූ විනාශය පිළිබඳ මේවන තුරුද ගණන් බලා නැහැ. උතුරු හා නැගෙනහිර ප්‍රදේශ මෑතක් වන තුරුම ජාතික ආර්ථිකයෙන් බැහැරවයි තිබුණේ. 2001 වර්ෂයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙරට ආර්ථික වර්ධන වේගය සෘණ 1.4ක් දක්වා පහළට වැටුණා. ඒ සියල්ල සිදු වූයේ යුද්ධය නිසයි. නැවත යුද්ධයක් ඇතිවීමට තිබෙන ඉඩකඩ ඇහිරිය යුතුයි. මූලික වශයෙන් මිනිසුන් මැරීමට තවත් මිනිසුන් ආයුධ අතට ගන්නා තත්ත්වයක් ඇතිවීමට බලපාන සමාජ ආර්ථික පසුබිම වෙනස් කළ යුතුයි. එය අපගේ යුතුකමක් සේම වගකීමක්ද වෙනවා.
උතුරේ තරුණයන් ආයුධ අතට ගැනීම පිටුපස 'ආර්ථික සාධකය' ප්‍රධාන හේතුවක් වූ බව හඳුනාගෙන තිබෙනවා. ඔබත් එය පිළිගන්නවාද?
ඔව්. උතුරේ ජනතාවට ආර්ථික අවස්ථා අහිමි වීම සහ එය පදනම් කරගත් බොහෝ සාධකයන් යුද්ධයක් දක්වා ගමන් කළ බව පිළිගත යුතුයි.
හොඳයි යුද්ධය අවසන් වීමෙන් අනතුරුව ගොවීන්ට සහ ධීවරයින්ට නිදහසේ සිය ආර්ථික කටයුතු පවත්වාගෙන යාමට අවස්ථාවක් ලැබිලා තිබෙනවා. ඒ ඔවුන් ඉල්ලු ආර්ථික නිදහස නොවේද?
යුද්ධයෙන් අනතුරුව ගොවීන්ට කිසිවෙකුටත් කප්පම් නොදී සිය නිෂ්පාදනයක් වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමට හැකි වූ බව ඇත්ත. එසේම ධීවරයින්ටද බියක් සැකක් නොමැතිව සිය කර්මාන්තය කරගෙන යාමට අවස්ථාව ලැබුණු බවත් ඇත්ත.
එසේනම් දේශපාලන විසඳුමක් ගැන කතා කිරීම නැති ප්‍රශ්න ඇති කිරීමක් නේද?
නැහැ. උතුරේත් නැගෙනහිරත් ජනතාව බලාපොරොත්තු වන ආර්ථික අවස්ථාවන්ගේ ගැඹුරු අර්ථය එය නෙවෙයි. ඔවුනට අවශ්‍ය මේ වගා කටයුතු වෙළෙඳාම හා ධීවර කටයුතුවලින් උපයාගනු ලබන ආදායම සිය ප්‍රදේශයේ නැවත නැවතත් ආයෝජනය වනවා දැකීමටයි.
උතුරු වසන්තය' හා 'නැගෙනහිර නවෝදය' වැනි වැඩ පිළිවෙළවල් මගින් ඔය කියන ප්‍රදේශවල විශාල සංවර්ධනයක් කරගෙන යනවා නේද?
ඒවා ඔවුන් දකින්නේ රජයක් විසින් අනිවාර්යයෙන් කළ යුතු යටිතල පහසුකම් සම්පාදනයක් ලෙසයි. ඔවුනට අවශ්‍යව ඇත්තේ තම තමන්ගේ සංස්කෘ-තික අනන්‍යතාවන්ට අනුකූලව පාලන කටයුතුවලටද මැදිහත්ව ආර්ථික අවස්ථා බෙදා ගැනීමටයි.
නමුත් උතුරේ හා නැගෙනහිර වෙසෙන ද්‍රවිඩ ජනතාව ගතහොත් ඔවුන් අතර එකිනෙකට වෙනස් සංස්කෘතික හා සමාජීය ඇගයුම් තිබෙනවා නේද?
පැහැදිලිවම ඔව්. මේ ප්‍රශ්නයේ සංකීර්ණතාවත් එයයි. උදාහරණයක් ලෙස මඩකළපුව ප්‍රදේශයේ ද්‍රවිඩ ජනතාව හිතන පතන ආකාරයත් යාපනයේ ද්‍රවිඩ ජනතාව හිතන පතන ආකාරයත් වෙනස්. තවත් පැත්තකින් මෙය බැලුවහොත් වතුකරයේ ද්‍රවිඩ ජනතාවගේ තත්ත්වය ඊටත් වඩා වෙනස්. ද්‍රවිඩ භාෂාවේ පවා වෙනස්කම් තිබෙනවා. අනෙක් පැත්තෙන් කුල භේදය විශාල වශයෙන් දැකිය හැකියි. මේ පිළිගැනීම් හා සංස්කෘතික විවිධත්වය තේරුම්ගත් විසඳුමකුයි අද අවශ්‍යව ඇත්තේ. මක් නිසාද යත් කාලාන්තරයක් තිස්සේ පවත්වාගෙන ආ පුරුදු හා ආකල්ප කෙටි කාලයක් තුළ වෙනස් කළ නොහැකියි. එම නිසා ඒ ඒ සංස්කෘතික අනන්‍යතාවන් තුළ ජීවත්වීමට හැකි සමාජ ආර්ථික වටපිටාවක් නිර්මාණය කිරීම සැමගේ වගකීමක් වෙනවා.
- ලක්බිම පුවත්පත ඇසුරෙන්

0 comments for "අප මහජාතියක් ලෙස සිතනතුරු උතුරේ ප්‍රශ්නයට විසඳුම් දෙන්න බැහැ - මහාචාර්ය ඉලංගසිංහ"