මගේ අම්මට හූ කීවොත් අඩුකඩනවා - පේ‍්‍රමදාස

තම මෑනියන්ටට හූ කිව්වොත් අඩුකඩාදමන බවට එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක පේ‍්‍රමදාස මහතා, එම පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී මහහඩින් පවසා තිබේ.

සිරිකොත එජාප මූලස්ථානයේ ඊයේ (16) පැවති කාත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අතරතුර ශාලාව මුලූමනින්ම අදුරු කොට වීඩියෝ චිත‍්‍රපටයක් ප‍්‍රදර්ශනය කර ඇති අතර පේ‍්‍රමදාස මහතා එලෙස කෑ ගසා ඇත්තේ එම චිත‍්‍රපටය තුල හේමා පේ‍්‍රමදාස මහත්මියගේ දර්ශන පෙලක් ප‍්‍රදර්ශනය වූ අවස්ථාවේ කිසියම් පිරිසක් උසුලූ විසිලූ කළ මොහොතේදීය.

රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම රැුස්වීමේදී සිරිකොත මන්දිරයට ගල්ගැසීමේ සිද්ධියට අදාලව සැකසුනු වීඩියෝ පටයක් ප‍්‍රදර්ශනය කර ඇත. එම වීඩියෝ වැඩසටහන විකාශය තුළ ශිරාල් ලක්තිලක, මෛත‍්‍රී ගුණරත්න, ලාල් පෙරේරා වැනි සජිත් කණ්ඩායමේ පිරිස් සිරිකොතට ගල්ගැසීම මෙහෙයවන ආකාරය ප‍්‍රදර්ශනය වීමේදී කෘත්‍යාධිකාරී මන්ඩලයේ සමහර පිරිස් ‘‘අන්න අපේ පක්‍ෂය කන එවුන්’’ යැයි කියමින් කෑ කෝ ගසා තිබේ.

අනතුරුව නිලවරණය පැවති දිනයේ එකී විරෝධතා කරුවන්ට හේමා පේ‍්‍රමදාස මහත්මිය දිවාආහාර පාර්සල් බෙදන ආකාරය දැක්වෙන රූපරාමු පෙළක් විකාශනය වීමත් සමග එහි සිටි සමහර පිරිස් මහ හඩින් සිනාසෙමින් උසුලූ විසිලූ කර ඇති අතර ‘‘ඔය ගෑනි තමයි සේරම කරන්නේ’’ යැයි එක් කෘත්‍යාධිකාරී මන්ඩල සාමාජිකයෙකු මහහඩින් ප‍්‍රකාශ කර තිබේ.

ශාලාව පුරා අදුර පැවති හෙයින් එසේ පැවසූ පුද්ගලයා හෝ උසුලූ විසිලූ කළ පුද්ගලයින් හදුනාගත නොහැකිවී ඇති අතර පේ‍්‍රමදාස මහතා ‘‘අඩුකඩන ප‍්‍රකාශය’’ කර ඇත්තේ එම මොහොතේදීය.

පේ‍්‍රමදාස මහතාගේ එකී ප‍්‍රකාශයටද සමහර පිරිස් උසුලූ විසිලූ කර ඇත.

‘‘කෑම පැකට් එකක් බෙදුවම තියෙන වරද මොකක්ද’’ යැයි එම අවස්ථාවේදී සජිත් කණ්ඩායමේ ප‍්‍රධානියෙකුවන රංජිත් මද්දුම බණ්ඩාර මහතා අදුරේ සිටම ප‍්‍රකාශ කර තිබේ.

මෙම වීඩියෝ පටය නැරඹීමෙන් පසු පේ‍්‍රමදාස මහතා ප‍්‍රකාශ කොට ඇත්තේ මෙය මඩ වීඩියෝ පටයක් බවයි.

අප වෙත වාර්තාවන පරිදි මෙම වීඩියෝ පටය නිෂ්පාදනය කොට ඇත්තේ විපක්‍ෂ නායකවරයාගේ පෞද්ගලික ලේකම් සුදත් චන්ද්‍රසේකර මහතා විසිනි.

Posted by Ravaya on 3:52 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "මගේ අම්මට හූ කීවොත් අඩුකඩනවා - පේ‍්‍රමදාස"

Leave a reply