ශවේන්ද්‍රගෙන් කොහොනට චෝදනා
කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගේ දියණියවන චන්දුලා මෙනවිය දූෂණය කර ඇති බවට ජනාධිපතිවරයාට හා ආරක්‍ෂක ලේකම්වරයාට වාර්තා කොට ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝර්ක් කාර්යාලයේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත පාලිත කොහොන මහතා විසින් බව එහි නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා චෝදනා කරයි.තමාගේ හැකියාවන් පිලිබද පලිත කොහොන මහතා දැඩි ඉරිසියාවකින් පසුවන බවත්, එහෙයින් තමාගේ කීර්තිනාමය විනාශ කිරීම සඳහා මීට අදාල ප‍්‍රවෘත්තිය වෙබ්අඩවි වලටද ලබාදී ඇති බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇමරිකාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් කිහිප දෙනෙකු සමග පවසා ඇත.
ශවේන්ද්‍ර සිල්වා සිය නිලබලය යොදාගනමින් තමාව දූෂණය කිරීමට තැත් කළ බව කෙහෙළිය ඇමතිවරයාගේ දියණිය පාලිත කොහොන මහතා වෙත දැනුම්දී තිබිණ.
කෙසේ වුවද ශවේන්ද්‍ර සිල්වාට පසුව දඩුවම් දෙන බව පවසමින් ජනාධිපතිවරයා එම සිද්ධිය මේ වනවිට යටපත් කර තිබේ.
- ශවේන්ද්‍ර, කෙහෙළියගේ දියනියට අතවර කරලා
0 comments for "ශවේන්ද්‍රගෙන් කොහොනට චෝදනා"