ෆ්‍රෙඩ්රිකාගේ පැමිණිල්ල..පොලිසියේ වැරදිල්ල


පෙම්වතිය බලන්න ආ නාවික සෙබලා අමාරුවේ

සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ෆ්‍රෙඩ්රිකා ජෑන්ස් පසුගියදා තමා පසුපස පැමිණියායි කියන නාවික සෙබලෙකු පිලිබඳ පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇත.

පසුගියදා මිරිහාන පොලිස් බල ප්‍රදේශයට අයත් මාර්ගයකදී කිසියම් පුද්ගලයකු තමා පසුපස ලුහුබැඳ පැමිණි බව ඇයට දැනුන අතර මේ පිළිබඳ ඇය පොලිසියට පැමිනිළි කොට ඇත.

වහාම ක්‍රියාත්මක වුණු පොලීසිය විසින් එම සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගත් අතර ඔහු ගංගොඩවිල මහේස්ත්‍රාත් හමුවකට ඉදිරිපත් කරන ලදුව ලබන 16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

පසුව හඳුනාගනු ලැබුවේ ඔහු ත්‍රිකුණාමලයේ සේවය කරන නාවික හමුදා සෙබලෙකු බවයි. මෙම නාවික හමුදා සෙබලා නිවාඩුවකට කොළඹ පැමිණ ඇති අතර සිය පෙම්වතිය බලන්නට යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී මෙලෙස ෆ්‍රෙඩ්රිකාගේ පැමිනිල්ල මත අත් අඩංගුවට පත්වී ඇත.


නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක,කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා කියා සිටියේ පොලීසියට බලවත් අත්වැරැද්දක් සිදුව ඇති බවයි.

ෆෙඩ්රිකා ජෑන්ස් මහත්මිය වෙත අසභ්‍ය වදනින් බැන වැදුනු ලිපියක් මීට පෙර ඇයට ලැබී ඇති අතර එහි කියා තිබුනේ උසාවිය හමුවේ බොරු සාක්ෂි ලබා දුන්නාට පලි ගන්නා බවයි.

Posted by Ravaya on 8:08 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "ෆ්‍රෙඩ්රිකාගේ පැමිණිල්ල..පොලිසියේ වැරදිල්ල"

Leave a reply