තියුණු සටනකින් නීලූකට පරාජය

ශ‍්‍රී ලංකා බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න ස්වීඩනයේ පැවති ස්වීඩන් අන්තර් ජාතික බැඞ්මින්ටන් තරගාවලියේ දෙවන වටයේ තරගයකදී ඉන්දියානු ක‍්‍රීඩක පරුප්පලි කොස්යප් හමුවේ තියුණු තරගයකින් පසුව පරාජය වී තිබේ.

විනාඩි පනස් හතක් පුරා පැවති තියුනු තරගයක් වූ මෙය තරග වට 2-1 ක් ලෙසින් නිලූක පරාජයට පත් වූයේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 29වන ස්ථානයේ පසුවන ඉන්දියානු ක‍්‍රීඩක කොස්යප් හමුවේය.

තරගාවලියේ පළමු වටයේදී චෙක් ජනපද ක‍්‍රීඩකයා පරාජය කරමින් දෙවන වටයට නිලූක සුදුසුකම් ලැබූවද මෙම තරගයේ පරාජයත් සමග තරගාවලියෙන් ඉවත්වීමට ඔහුට සිදුවනු ඇත.

Posted by Ravaya on 4:42 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "තියුණු සටනකින් නීලූකට පරාජය"

Leave a reply