පෞද්ගලික සරසවි පනත අලුත් නමකින් කරළියට

'පෞද්ගලික සරසවි පනත' නමින් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පවසයි.

එහෙත්, 'ප‍්‍රමිති ආරක්ෂණ වරප‍්‍රදාන හා සුදුසුකම් රාමුව' යන නමින් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සදහන්වේ.

වසර 15කට වැඩි කාලයක සිට රජයට අයත් නොවන ආයතන මගින් උපාධි, පශ්චාත් උපාධි, ඩිප්ලෝමා ආදිය ප‍්‍රදානය කරමින් පවතින හෙයින් ඒ සඳහා අවශ්‍ය නීතිමය ප‍්‍රතිපාදන හා කි‍්‍රයාවලින් විදිමත් කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කරන බව ද ඔහු සඳහන් කරයි.

මේ අතර යෝජිත පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ඇතුළු තවත් කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද (11) උදෑසන උද්ඝෝෂණ පා ගමනක් සංවිධාන කර ඇත.

Posted by Ravaya on 2:27 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "පෞද්ගලික සරසවි පනත අලුත් නමකින් කරළියට"

Leave a reply