ජනාධිපතිවරයාට විරෝධය පාමින් මර්වින් කැබිනට් රැස්වීම වර්ජනය කරයි
මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා පෙරේදා (11) පැවති කැබිනට් මණ්ඩලයට සහභාගී වී නැතැයි වාර්තා වේ. කැලණිය ප‍්‍රාදේශීය සභා සභාපති ප‍්‍රසන්න රණවීර මහතා ඇතුලූ මන්ත‍්‍රීවරුන් පිරිස එල්ලකල වංචා දූෂන චෝදනාවන්ට නිරුත්තර වී සිටින මර්වින් සිල්වා මෙම කැබිනට් රැස්වීම වර්ජනය කිරීමට කටයුතු කර තිබේ.
මෙම ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් තමා වෙත එල්ලකරන බරපතල චෝදනා සම්න්ධයෙන් කරුණු දැක්වීමට මර්වින් සිල්වා අමාත්‍යවරයා පසුගිය දා ජනාධිපතිවරයාගෙන් අවස්ථාවක් ඉල්ලා තිබූ නමුත් ජනාධිපතිවරයා එම ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප කර තිබේ. එයට විරෝධය පෑමක් ලෙස තමා මෙම කැබිනට් රැස්වීම වර්ජනය කරන බව මර්වින් සිල්වා පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු වෙත පවසා ඇත.

0 comments for "ජනාධිපතිවරයාට විරෝධය පාමින් මර්වින් කැබිනට් රැස්වීම වර්ජනය කරයි"